Latest News

දින 18කට පසුව නාවලපිටිය – මහනුවර ප්‍රධාන මාර්ගය රථවාහනවලට විවෘත කරයි

Published 20 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

“දිට්වා” සුලි කුණාටුවෙන් නායයෑමට ලක් වූ නාවලපිටිය මහනුවර ප්‍රධාන මාර්ගයේ දින 18කට පසු රථවාහන ධාවනයට අද (15) උදෑසන 7:00 සිට එම මාර්ගය රථවාහන ගමනා ගමනය සඳහා විවෘත කර තිබේ.

මාර්ගය අලුත්වැඩියා කිරීමේ කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය 06 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව මාර්ග සංවර්ධන අධිකාරිය නාවලපිටිය හා ඇත්ගාල පොලිස් ස්ථාන, පස්භාගේ කෝරලේ ප්‍රාදේශීය සභාව නාවලපිටිය නගර ඇතුළු පාර්ශව කිහිපයක සහභාගීත්වයෙන් සිදුකෙරුණි.

නයායෑම නිසා මාර්ගයට වැටි තිබූ පස් ඉවත් කර මාර්ගය සකස් කර ඇති අතර මාර්ගයට ඉහලින් පස්කන්ද නායයාමේ අවදානමක් පවතින නිසා ඒ සඳහා ස්ථිර විසඳමක් ලබා දෙනතුරු ආරක්ෂිතව ගමනාගමනයට හැකිවන ආකාරයෙන් මාර්ගයේ නිර්මාණය කර ඇති බවත්, මෙම ස්ථානයේ කටයුතු අවසන් වන තුරු සුපරීක්ෂාකාරී ලෙස මාර්ගයෙ රිය ධාවනය කරවන ලෙසත් මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ල සිටියි.

කෙසේවෙතත් මෙම මාර්ගයේ බර වාහන ධාවනයට යම් සීමා පනවා ඇත.

එම මාර්ගය විවෘත කිරිමෙන් පසුව එම ස්ථානයේ හානි වී ඇති දුම්රිය මාර්ගය අලුත්වැඩියා කිරිමේ කටයුතු කඩිනමින් සිදු කරන බවයි නාවලපිටිය දුම්රිය මාර්ග නඩත්තු අංශයේ නිළධාරියෙකු පැවසුවේ.

World News

Send your contact Details Today