Latest News

“බයිරෝන්” ඇවිත් ගාසා තීරයේ 16ක් බිලිගනියි

Published 20 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යුද්ධ­යෙන් බැට කෑ ගාසා තීර­යට හිම කුණා­ටු­වක් කඩා වැදුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මීට දෙදි­න­කට පෙර ග්‍රීසි­යට සහ සයි­ප්‍රස් රාජ්‍ය­යට ගංව­තුර තත්ත්ව­යක් ද උදා කළ බයි­රොන් හිම කුණා­ටුව පෙරේදා ගාසා තීර­යට කඩා වැදී ලක්ෂ අට­කට ආසන්න පල­ස්තී­නු­වන් දැඩි පීඩා­වට පත් කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.

කුණා­ටුව හේතු­වෙන් උද්ගත වූ අධික වර්ෂා­ප­ත­නය හා දැඩි සුළං තත්ත්වය ඉදිරි දින කිහි­පය පුරා පව­තිනු ඇතැයි කාල­ගුණ වාර්තා අනා­වැකි පළ වී ඇති අතර, දැන­ට­මත් පල­ස්තී­නු­වන් 16 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

පසු­ගිය ඔක්තෝ­බර් මාසයේ ඊශ්‍රා­ය­ලය සහ හමාස් සංවි­ධා­නය අතර සටන් විරාම ගිවි­සුම ආරම්භ වීමෙන් පසු ගාසා තීර­යට එක්සත් ජාතීන්ගේ සර­ණා­ගත ඒජන්සිය විසින් ජල ආර­ක්ෂිත කූඩා­රම්, බ්ලැන්කට් ඇතුළු පහ­සු­කම් සප­යනු ලැබු­වද, එය කුණා­ටු­වට සහ වර්ෂා­වට ඔරොත්තු නොදෙන බව ද වාර්තා වේ.

පව­තින අධික සුළං සහිත වැසි කාල­ගුණ තත්ත්වය මධ්‍යයේ අනා­ර­ක්ෂිත කූඩා­ර­ම්වල රැඳී සිටින යුද්ධ­යෙන් අව­තැන්වූ පල­ස්තී­නු­වන්ගේ කූඩා­රම් ස්ථාපිත කර ඇති ප්‍රදේ­ශ­වල ප්‍රමා­ණ­වත් ජලා­ප­ව­හන සහ අප­ද්‍රව්‍ය කළ­ම­නා­ක­ර­ණයක් නොමැති බවත්, යුද්ධයේ සුන්බුන් මැද පිහිටි කූඩා­ර­ම්වල සිටින පල­ස්තී­නු­වන් දැඩි සෞඛ්‍ය අර්බු­ද­ය­කට මුහුණ පා සිටින බවත් විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

යුද්ධය හේතු­වෙන් දැන­ට­මත් යටි­තල පහ­සු­කම් බිඳ වැටී ඇති ගාසා තීරයේ ගංව­තුර තත්ත්වය හේතු­වෙන් බර­ප­තළ හානි­යක් සිදු­විය හැකි බවට ජාත්‍ය­න්තර සංවි­ධාන රැස­කින් අන­තුරු ඇඟ­වීම් නිකුත් කර ඇතැයි ද වාර්තා වේ.

ඊශ්‍රා­ය­ලය විසින් අත්‍ය­වශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඉන්ධන සහ පානීය ජලය ඇතුළු පහ­සු­කම් තව­දු­ර­ටත් අව­හිර කිරී­මෙන් මෙවර කුණාටු සහිත සීත සෘතු­වේදී පලස්තීන වැසියන් දුෂ්ක­රතා රැස­කට මුහුණ පෑමට සිදුවී ඇතැයි ද ගාසා සෞඛ්‍ය බල­ධා­රින් ප්‍රකාශ කර තිබේ.

World News

Send your contact Details Today