ඊශ්‍රායලයට එරෙහිව 2023 ඔක්තෝබර් 7 වැනිදා එල්ල කළ ප්‍රහාරවල ප්‍රධාන සැලසුම්කරුවෙකු වූ ජ්‍යෙෂ්ඨ හමාස් අණදෙන නිලධාරී රයිඩ් සායිඩ් (Raed Saed) ගාසා නගරයේදී ඊයේ (13) එල්ල වූ මෝටර් රථ ප්‍රහාරයකින් මියගොස් ඇති බව ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කරයි.
ගාසා සෞඛ්‍ය බලධාරීන්ට අනුව, මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් හතර දෙනෙකු මියගොස් ඇති අතර අවම වශයෙන් 25 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.
සායිඩ් මියගිය අය අතර සිටින බවට හමාස් සංවිධානයෙන් හෝ වෛද්‍යවරුන්ගෙන් තහවුරුවක් ලැබී නැති බව සඳහන්.
ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේ ඔවුන් ගාසා නගරයේ ජ්‍යෙෂ්ඨ හමාස් අණදෙන නිලධාරියෙකු ඉලක්ක කළ බව පමණයි
ඔවුන් ඒ සම්බන්ධ නමක් හෝ වෙනත් විස්තර සඳහන් කොට නොමැත.
සායිඩ් ඝාතනයට ලක්වූයේ නම්, ඔක්තෝබර් මාසයේ සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වීමෙන් පසු ඝාතනයට ලක් වූ ඉහළම පෙළේ හමාස් නායකයා මෙය වනු ඇති.
ඊශ්‍රායල ආරක්ෂක නිලධාරියෙකු පැවසුවේ, සායිඩ් මෙම ප්‍රහාරයේ ඉලක්කය වූ බවත්, ඔහු හමාස්හි ආයුධ නිෂ්පාදන බලකායේ ප්‍රධානියා ලෙස හඳුන්වනු ලබන බවයි.
හමාස් මූලාශ්‍ර ද ඔහුව හඳුන්වා දුන්නේ ඉස් එල්දීන් අල්-හදාඩ්ට පසුව එම සංවිධානයේ සන්නද්ධ අංශයේ දෙවන අණදෙන නිලධාරියා ලෙසයි.
සායිඩ් මීට පෙර හමාස්හි විශාලතම සහ හොඳම සන්නද්ධ ඒකකයක් වන ගාසා නගර බලඇණියේ ප්‍රධානියා ලෙස කටයුතු කළ බව ද එම මූලාශ්‍ර පවසයි.
ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේ ඊට පෙර, සටන්කාමීන්ගේ යටිතල පහසුකම් “පිරිසිදු කිරීමේ මෙහෙයුමකදී” පුපුරණ ද්‍රව්‍යයක් පුපුරා යාමෙන් සොල්දාදුවන් දෙදෙනෙකු තුවාල ලැබූ බවයි.
නමුත් සිදුවීම් දෙක එකිනෙකට සම්බන්ධ දැයි පැහැදිලි නැති බවයි වාර්තා වන්නේ.
2023 ඔක්තෝබර් 7 වන දින හමාස් නායකත්වයෙන් යුත් සටන්කාමීන් ඊශ්‍රායලයේ දකුණට ප්‍රහාරයක් එල්ල කර, බොහෝ සිවිල් වැසියන් ඇතුළු 1,200 දෙනෙකු මරා දමා, ප්‍රාණ ඇපකරුවන් 251 දෙනෙකු අල්ලා ගැනීමෙන් පසු ගාසා යුද්ධය ආරම්භ විය.
ඊශ්‍රායලයේ පළිගැනීමේ ප්‍රහාරය හේතුවෙන් බොහෝ සිවිල් වැසියන් ඇතුළු පලස්තීනුවන් 70,700 කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බව ගාසා සෞඛ්‍ය නිලධාරීහු පවසන්නේ.
ඔක්තෝබර් 10 වන දින සිට ක්‍රියාත්මක සටන් විරාමය හේතුවෙන් අවතැන් වූ පලස්තීනුවන් දහස් ගණනකට ගාසා නගරයේ නටබුන් වූ ප්‍රදේශ වෙත ආපසු යාමට හැකි විය.
ඊශ්‍රායලය නගරයේ ඇතැම් ස්ථානවලින් සිය හමුදා ඉවත් කර ගෙන ඇති අතර, ආධාර සැපයුම් ද වැඩි වී තිබේ.
කෙසේ වෙතත්, ප්‍රචණ්ඩ ක්‍රියා සම්පූර්ණයෙන්ම නතර වී නැති අතර සටන් විරාමයෙන් පසු ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පලස්තීනුවන් 386 දෙනෙකු මියගොස් ඇති බව පලස්තීන සෞඛ්‍ය බලධාරීහු පවසයි.
සටන් විරාමය ආරම්භ වීමෙන් පසු ඊශ්‍රායල සොල්දාදුවන් තුන් දෙනෙකු මියගොස් ඇති බවත්, ඔවුන් සටන්කාමීන් ගණනාවකට පහර දී ඇති බවද ඊශ්‍රායලය පවසයි.