Latest News

අඩි 70ක් උස මෙසීගේ ප්‍රතිමාවක් ඉන්දියාවේදී නිරාවරණය කරයි

Published 5 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී සිය ඉන්දීය සංචාරයට සමගාමීව කොල්කටාවේ සෝල්ට් ලේක් ක්‍රීඩාංගණයේ පිහිටි අඩි 70ක් උස සිය ප්‍රතිමාව දුරස්ථ තාක්ෂණයෙන් නිරාවරණය කර තිබේ.

ඊයේ (13) පැවති උත්සවයට බටහිර බෙංගාල අමාත්‍ය සුජිත් බෝස් සහ බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් ද සහභාගී වූහ.

යුව භාරතී ක්‍රිරංගණයේ පැවැති උත්සවය ආරම්භ වන තෙක් මෙසී රැඳී සිටියේ ෂාරුක් ඛාන් සමඟය.

2022 FIFA ලෝක කුසලාන ජයග්‍රාහණය කළ මෙසී අද පස්වරුවේ හයිද්‍රාබාද් බලා පිටත්ව යෑමට පෙර කොල්කටාවේ විවිධ වැඩසටහන්වලට සහභාගී වනු ඇත.

ඔහු දින තුනක් ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතය.

මියාමි සිට පැමිණෙන මෙසී දැකබලා ගැනීම සඳහා දහස් ගණනක් රසිකයන් විවිධ ස්ථානවල රැස්ව සිටිනු දක්නට ලැබිණි.

මෙසී සහභාගී වීමට නියමිත ඉසව් අතරට හිටපු ඉන්දීය ක්‍රිකට් නායක සෞරව් ගංගුලි සහ බටහිර බෙංගාල මහ ඇමතිනි මමාතා බැනර්ජි සමඟ රැස්වීම් ද ඇතුළත් වේ.

කොල්කටාවෙන් පසුව, මෙසී හයිද්‍රාබාද්, මුම්බායි සහ දිල්ලි වෙත ද සංචාරය කිරීමට නියමිතය.

World News

Send your contact Details Today