Latest News

කාම්බෝජය සහ තායිලන්තය අතර ඇති දේශසීමා හරස් මාර්ග වැසෙයි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කාම්බෝජය සහ තායිලන්තය අතර ඇති දේශසීමා හරස් මාර්ග වසා දැමීමට පියවර ගෙන තිබේ.

දෙරට අතර යුද ගැටුම් හේතුවෙන් ඊයේ දිනයේ තායිලන්ත සොල්දාදුවන් 4 දෙනෙකු මිය ගිය බවයි එරට හමුදාව පවසන්නේ.

ගැටුම් හේතුවෙන් කාම්බෝජ හමුදාවන්ට සිදුවූ හානි සම්බන්ධව තවමත් දත්ත වාර්තා වී නොමැත.

පසුගිය සඳුදා දින සිට මේ දක්වා තායිලන්තයේ හමුදා නිලධාරීන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, තවත් 270ක් මෙන්ම සිවිල් වැසියන් 6 දෙනෙකුද තුවාල ලබා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කාම්බෝජයේ අවම වශයෙන් සිවිල් වැසියන් 11 දෙනෙකු මියගොස් තවත් 59 දෙනෙකු තුවාල ලබා ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

කෙසේ වෙතත් ගැටුම් මැද ෙදේශසීමා ආසන්නයේ සිටි ලක්ෂ 7කට ආසන්න ජනතාවක් ඉන් ඉවත් කිරීමට රටවල් දෙකම කටයුතු කළේය.

World News

Send your contact Details Today