OpenAI සහ Microsoft සමාගම් දෙකටම එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේදී නඩු පවරා තිබේ.
ChatGPT මගින් මානසික රෝගියෙකුට තම මව මරා දැමීමට දිරිගැන්වූ බව කියන චෝදනාව යටතේයි මෙලෙස නඩු පවරා තිබෙන්නේ.
56 හැවිරිදි ස්ටයින් එරික් සෝල්බර්ග් විසින් 83 හැවිරිදි සුසෑන් ඇඩම්ස් මව ඝාතනය කර තිබේ.
නඩු ගොනු කිරීමේදී පවසා ඇත්තේ ChatGPT ඔහුව ඒ සඳහා තවදුරටත් දිරිගන්වා ඇති බවයි.
චැට්බෝට් ඔහු වටා සිටින මිනිසුන් සතුරන් ලෙස හැදින්වූ බවත් සඳහන්.
මේ අතර සෝල්බර්ග්ගේ පුත් පවසන්නේ ChatGPT විසින් ඔහුගේ පියාගේ ඔහුව සැබෑ ලෝකයෙන් වෙන් කර වෙනම උපදෙස් දී ඇති බවයි.
කෙසේවෙතත් OpenAI විසින් එම පවුලට සම්පූර්ණ සංවාද ඉතිහාසය ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බවද සඳහන් වේ.
එසේම ChatGPT කිසිවිටෙකත් ඔහුට මානසික සෞඛ්‍ය වෘත්තීය උපදෙස් හෝ උදව් ගැනීමට යෝජනා නොකර ඇති බවද නඩුව මගින් පෙන්වා දී තිබේ.
ඇතිවූ තත්වය පිළිබඳව කණගාටු වන අතර AI ආරක්ෂාව සඳහා නව අංග, උදව් පේලි, දුරකථන සහ දෙමාපිය පාලනය ඇතුළත් කළ බවයි OpenAI සමාගම පවසන්නේ.
නඩුවේ විත්තිකරුවන් සෑම් ඇල්ට්මන් සහ Microsoft ද ලෙස නම් කර තිබේ.
මෙම නඩුව AI චැට්බෝට් සමග මිනීමැරුමක් සම්බන්ධ වූ එක්සත් ජනපදයේ පළමු නඩුව බවටද වාර්තා වේ.