Apple ජංගම දුරකථන වර්ගයකට හදිසි ඇමතුම් සේවාව සම්බන්ධ කර ගැනීමේදී ගැටළු ඇතිවන බවට අනාවරණය වී තිබේ.
ඕස්ට්‍රේලියාවේ Triple Zero හදිසි ඇමතුම් පද්ධතිය සම්බන්ධ කර ගැනීමට පසුගියදා Telcos සහ Samsung ජංගම දුරකථන වර්ග කිහිපයකට නොහැකි විය.
එහිදී සෙනට් කමිටුවකදී ඉදිරිපත් වූ කරුණු අනුව මෙම දුරකථන වර්ගවල software සම්බන්ධයෙන් ඇති ගැටළුවක් අනාවරණය වී තිබේ.
ඒ අනුව දැන් අවධානය ඇපල් වෙත යොමු වී ඇති අතර, එහිදී එක් iPhone මාදිලියක් සම්බන්ධයෙන් හදිසි මෘදුකාංග විසඳුමක් අවශ්‍ය බවට පරීක්ෂණ අතරතුර හඳුනාගෙන තිබේ.
ඒ අනුව Apple විසින් iOS 26 සඳහා හදිසි යාවත්කාලීන කිරීමක් නිකුත් කර ඇති අතර එය iPhone 12 සඳහා පමණක් අදාළ වන බවටයි අනාවරණය වී ඇත්තේ.
මෙම වසර මුලදී, Samsung දුරකථන මාදිලි 71 ක් සඳහා මේ හා සමාන ගැටළු අනාවරණය විය.
කෙසේවෙතත් Apple සමාගම පවසන්නේ අනෙකුත් ජංගම දුරකථන සමාගම්වලට සිදුවූ තත්වය ඇපල් දුරකථනවලින් පැහැදිලිව අනාවරණය නොවූවද පැරණි ජංගම දුරකථන සඳහා ඇතැම්විට එය බලපානු ඇති බවයි.
එහෙත් iPhone XS, iPhone XR, iPhone 11, සහ iPhone 13 සිට සියලුම iPhone මාදිලිවලට මෙයින් බලපෑමක් නොමැති බවද ඔවුන් තහවුරු කර තිබේ.
මෙම Triple Zero ගැටළුව ඇත්තේ iPhone 12 හි පමණක් බවත්, ඒ හේතුවෙන් සියලුම අදාල iPhone වලට සුළු වෙනස්කම් කිහිපයක් ඇතුලත් කර ඇති බැවින් update කිරීමක් ලැබෙනු ඇති බවද සමාගම කියා සිටියේය.
කෙසේ වෙතත්, Optus ඇනහිටීමට සමාන මහා පරිමාණ ජාල අසමත්වීමක් නැවත සිදුවුවහොත්, iPhone 12 හි යල් පැන ගිය මෘදුකාංග ඇති පරිශීලකයින් අවදානමට ලක් විය හැකි බවද සමාගම පෙන්වා දෙයි.
දුරකථනය අවුරුදු පහක් පමණ පැරණි බැවින්, පරිශීලකයින්ට වහාම update කිරීම සිදුකරන ලෙසයි ඇපල් සමාගම දැඩි ලෙස උපදෙස් දී ඇත්තේ.