පසුගිය නොවැම්බර් මස අවසන් සතියේ සිට ලොව පුරා තිරගත කිරීම් ආරම්භ වූ “Zootopia 2” ඇමරිකානු ඇනිමේෂන් චිත්‍රපටය, මේ වන විට ලොව පුරා ප්‍රදර්ශනයෙන් ලැබු බොක්ස් ඔෆිස් ආදායම ඇමරිකානු ඩොලර් බිලියනයේ සීමාව ඉක්මවා යාමට සමත්ව තිබෙනවා.
ඒ චිත්‍රපටය තිරගත විම් ආරම්භ වී දින 17 ක් පමණක් ගත වී තිබියදී වන අතර, ඒ අනුව අඩුම කාලයකින් ඩොලර් බිලියනයේ සීමාව පසු කළ ඇනිමේෂන් (PG) චිත්‍රපටය ලෙස ද මෙය වාර්තා අතරට එක්වනවා.
එමෙන්ම “Zootopia 2” චිත්‍රපටය 2025 වර්ෂයේ ඩොලර් බිලියනයේ සීමාව පසු කළ 3 වන චිත්‍රපටය ලෙසද සනිටුහන් වන අතර, මෙම වසරේ ඩොලර් බිලියනය පසු කළ අනෙක් චිත්‍රපට 2 ක වන්නේ “Ne Zha 2 (චීන ඇනිමේෂන් චිත්‍රපටය) හා Lilo & Stitch යන චිත්‍රපටයි.
2016 වර්ෂයේ තිරගත වූ “Zootopia” චිත්‍රපටයේ 2 වන දිග හැරුම වන “Zootopia 2” චිත්‍රපටය නිෂ්පාදන කළේ Walt Disney සමාගමයි.
චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නරඹන්න පහළින්…