ඊයේ ආරම්භ වූ වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී ඉන්දීය කණ්ඩායමේ යොවුන් ක්‍රීඩක වයිබව් සූරියවංශි වාර්තා පොත් අලුත් කළේය.
ඒ, පන්දු 95ක් තුළ වේගවත් ලකුණු 171ක් රැස් කරමින්.
මෙම තරඟය පැවැත්වුණේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිවයි.
එහිදී ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රීඩා කළ සූරියවංශගේ වයස අවුරුදු 14ක්.
මෙහිදී ඔහු රැස්කළ ශතකය ලොව තෙවන වේගවත්ම යොවුන් එක්දින ශතකය වෙයි.
ඔහු පන්දු 30කින් අර්ධ ශතක සීමාව පසු කළ අතර පන්දු 56කින් ශතකය සම්පූර්ණ කළේය.
අද ඔහු රැස්කළ ශතකය ඉන්දීය යොවුන් පිතිකරුවෙකු රැස්කළ දෙවන ඉහළම ශතකයයි.
එමෙන්ම සූරියවංශීගේ ඉනිම හයේ පහර 14කින් සමන්විත වූ අතර එය යොවුන් එක්දින පිටියේ ඉනිමකදී පිතිකරුවෙකු රැස්කළ ඉහළම හයේ පහර සංඛ්‍යාවේ වාර්තාවයි.