Latest News

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ ප්‍රතිපත්තිවල වෙනසක් කිරීමට යයි

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ ප්‍රතිපත්තිය යටතේ නව සංක්‍රමණිකයින්ට ‘වටිනාකම් පරීක්ෂණයක්’ (Values Test) හඳුන්වාදීමට සැලසුම් කර තිබේ.

මෙම පරීක්ෂණය මගින් සංක්‍රමණිකයින්ට ප්‍රජාතන්ත්‍රවාදය සහ ඔස්ට්‍රේලියාවේ වටිනාකම් පිළිබඳ අවබෝධය තක්සේරු කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

නත්තලට පෙර ප්‍රකාශයට පත් වීමට නියමිත නව යෝජනාව තවමත් සම්පූර්ණයෙන් ඉදිරිපත් කර නොමැති අතර පරීක්ශණයෙන් සමත් වීමට නොහැකි පුද්ගලයින් සඳහා වීසා අවහිර කිරීමට සැලසුම් ඇතැයි වාර්තා වෙයි.

සෙනෙට් සභික ජේම්ස් පැටර්සන් පවසන්නේ මෙම පරීක්ෂණය මගින් කිසිදු ජාතිකයෙකුට අසාධාරණයක් සිදු නොකරන බවයි.

ඔස්ට්‍රේලියාවට පැමිණීමට අපේක්ෂා කරන සියලු දෙනාම රටේ වටිනාකම් පිළිපැදිය යුතු බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස නොකරන පුද්ගලයින් පිළිබඳ සැලකිලිමත් වීම අවශ්‍ය වන බව අමාත්‍ය ඇන්ගස් ටේලර් පවසයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද වටිනාකම් බෙදා නොගන්නා සංක්‍රමණිකයින් රටට ඇතුළත් නොකළ යුතු බව නැවත අවධාරණය කර ඇති අතර එක්සත් ජනපදයේ වටිනාකම් පරීක්ෂණ අදහසද මෙම ප්‍රතිසංස්කරණයට බලපෑ බව සඳහන්.

World News

Send your contact Details Today