Latest News

අමෙරිකාවෙන්, වෙනිසියුලාවට තවත් සම්බාධක පනවයි

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකානු රජය විසින් වෙනිසියුලානු ඉන්ධන ප්‍රවාහන නෞකා 6කට සම්බාධක පනවා තිබේ.

ඒ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ වෙනිසියුලානු ජනාධිපති නිකලස් මාදුරෝ අතර අර්බුධය තවත් තීව්‍ර කරමින්.

නිකලස් මාදුරෝ ජනාධිපතිවරයාගේ ඥතීන් පිරිසකටද අමෙරිකාව අද අලුයම නව සම්බාධක පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර ඊයේ (11) වෙනිසියුලානු වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී අමෙරිකාව භාරයට ගත් ඉන්ධන ප්‍රවාහන නෞකාව මේ වන විට අමෙරිකාවට රැගෙන එමින් පවතින බව විදෙස් වාර්තා වල සඳහන් වේ.

ධවල මන්දිරයේ ප්‍රකාශිකා කැරොලයින් ලෙවිට් සඳහන් කළේ නෞකාවේ ඇති ඉන්ධන තොගයද අමෙරිකාවේ භාවිතයට ගැනීමට බලාපොරොත්තු වන බවය.

අදාළ නෞකාවේ ඩොලර් මිලියන 95කට වැඩි වටිනාකමකින් යුතු ඉන්ධන ඇති බවට සැක කෙරෙන බව BBC පුවත් සේවය පවසන ලදි.

ඊයේ අදාළ නෞකාව අමෙරිකාව ඔවුන් භාරයට ‌‌‌ගෙන ඇත්තේ එහි ප්‍රවාහනය කෙරෙන්නේ සම්බාධක පනවා ඇති සමාගම් වල කළු කඩ සඳහා යැවෙන ඉන්ධන බවට චෝදනා කරමින් වේ.

අමෙරිකාවේ ක්‍රියා කලාපය හමුවේ ඊයේ රුසියානු ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් වෙනිසියුලානු ජනාධිපති නිකලස් මාදුරෝට දුරකථන ඇමතුමක්ද ලබාදී ඇතැයි විදෙස් වාර්තා වල සඳහන් වේ.

වෙනිසියුලානු ජනාධිපති නිකලස් මාදුරෝ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අපරාධ කණ්ඩයම් වලට ඍජුව සම්බන්ධ බවට අමෙරිකානු ජනාධිපතිවරයා චෝදනා කරන පසුබිමක රුසියානු ජනාධිපතිවරයා නිකලස් මාදුරෝ යනු ලතින් අමෙරිකානු කලාපයේ සමීප මිතුරෙකු ලෙස සැලකීම විශේෂත්වයකි.

World News

Send your contact Details Today