Latest News

බල්ගේරියාවේ රජය ඉල්ලා අස්වෙයි

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බල්ගේරියාවේ රජය බලයට පැමිණ වසරකටත් අඩු කාලයකින් පසු ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

ඒ ආර්ථික ප්‍රතිපත්ති සහ දූෂණය පිටුදැකීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් සති ගණනාවක් පුරා පැවති වීදි විරෝධතා හේතුවෙන්.

අගමැති රෝසන් සෙලියාස්කොව් (Rosen Zhelyazkov) මෙම තීරණය නිවේදනය කරන ලද්දේ, පාර්ලිමේන්තුවේදී රජයට එරෙහිව ගෙන ඒමට නියමිතව තිබූ විශ්වාසභංග යෝජනාවට මිනිත්තු කිහිපයකට පෙර රූපවාහිනී වැඩසටහනක් අතරතුරදීයි.

අගමැති සෙලියාස්කොව් ප්‍රකාශ කළේ, “මෙම විරෝධය උඩඟුකමට හා උද්ධච්ඡකමට එරෙහිව නැඟුණු එකක් බවත්, එය දේශපාලන විරෝධයක් නොව වටිනාකම් සඳහා වූ විරෝධයක්” බවත්.

මෙම ඉල්ලා අස්වීම බල්ගේරියාව 2026 ජනවාරි 1 වැනිදා යුරෝ කලාපයට එක්වීමට නියමිතව තිබියදී සිදුවීම විශේෂත්වයක්.

කෙසේ වෙතත්, යුරෝ හඳුන්වාදීමට සෘජුවම සම්බන්ධ ආයතන ස්වාධීන බැවින්, මෙම දේශපාලන අර්බුදය යුරෝ කලාපයට සම්බන්ධ වීමේ ක්‍රියාවලියට බලපෑමක් නොකරනු ඇතැයි විශ්ලේෂකයෝ පවසති.

එරට අගනුවර වන සොෆියා ඇතුළු නගර ගණනාවක දහස් ගණනක් බල්ගේරියානුවන් දූෂණයට සහ රජයේ නොහැකියාවට එරෙහිව පෙළපාලි යෑමට කටයුතු කළහ.

සමාජ ආරක්ෂණ දායක මුදල් සහ ලාභාංශ මත බදු ඉහළ නැංවීමට යෝජනා කර තිබූ, යුරෝ වලින් කෙටුම්පත් කරන ලද 2026 අයවැය සැලැස්ම සම්බන්ධයෙන් මහජනතාව දැඩි ලෙස විරෝධය පෑවෝය.

රජය එම සැලැස්ම ඉවත් කර ගත්තද, විරෝධතා දිගටම පැවතුණි.

පසුගිය වසර හතර තුළ ජාතික මැතිවරණ හතක් පවත්වා ඇති නමුත්, බල්ගේරියාවේ ගැඹුරු දේශපාලන බෙදීම් පැවතුණ බවටයි සඳහන් වෙන්නේ.

World News

Send your contact Details Today