Latest News

පැතුම්ට විවේකයක්

Published 2 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මෙවර ඩුබායිහි පැවැත්වෙන අයි.එල්. විස්සයි විස්ස තරගාවලියේ මෙතෙක් වැඩිම ලකුණු ලාභියා වන ශ්‍රී ලංකා ක්‍රීඩක පැතුම් නිස්සංක පාදයේ ආබාධයක් හේතුවෙන් ඊයේ තරගයට ක්‍රීඩා නොකළ අතර ඔහු වෙනුවට ශෝන් ඩික්සන් ගල්ෆ් සංචිතයට ඇතුළත්ව ඇත.

සිය ප්‍රථම විදෙස් ලීග් තරගාවලියට ක්‍රීඩා කළ පැතුම් තරගාවලියේ තමන් ක්‍රීඩා කළ මුල්ම තරග තුනේදීම අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වීම විශේෂත්වයකි.

ගල්ෆ් ජයන්ට්ස් මුහුණ දුන් ප්‍රථම තරගය වූ එම්.අයි එමිරේට්ස් සමග තරගයේදී ලකුණු 164ක් හඹා ගිය ගල්ෆ් කණ්ඩායම වෙනුවෙන් පැතුම් පන්දු 42කදී වේගවත් ලකුණු 81ක් රැස් කළේය.

අනතුරුව පැවැති ඩුබායි කැපිටල්ස් සමග තරගයේදී පැතුම් පන්දු 31කදී ලකුණු 67ක් ද, ඉකුත්දා පැවැති ඩෙසර්ට් වයිපර්ස් සමඟ තරගයේදී පන්දු 29කින් ලකුණු 56ක් ද වාර්තා කළේ සිය විශිෂ්ටත්වය විදහා දක්වමිනි.

මේ වන විට තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටින පැතුම් තරග තුනකදී තරගයක ලකුණු සාමාන්‍යය 68.00ක් ලෙස පවත්වා ගනිමින් ලකුණු 204ක් රැස් කරගෙන ඇත.

ඔහුගේ ප්‍රහාරක වේගය 200කි. දැනට තරගාවලියේ වැඩිම හතරේ පහර සහ හයේ පහර ලාභියා බවටද පත්ව සිටින පැතුම් හයේ පහර 13ක් සහ හතරේ පහර 16ක් එල්ල කිරීමට සමත්ව ඇත.

World News

Send your contact Details Today