Latest News

රහසිගතව සැඟවී සිටි වෙනිසියුලා විපක්ෂ නායිකාව කලකට පසු එළියට එයි

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මාස ගණනාවක් සැඟවී සිටි වෙනිසියුලා විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝ (María Corina Machado) නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීමේ උළෙලෙන් පසුව නෝර්වේහි ඔස්ලෝ නුවරදී ප්‍රථම වරට ප්‍රසිද්ධියේ පෙනී සිට තිබේ.

වෙනිසියුලාවේ දීර්ඝ කාලයක් තිස්සේ පැවති ඒකාධිපති පාලනය වෙනස් කිරීමට ඇය දැරූ “සාධාරණ සහ සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී සංක්‍රාන්තියක් සඳහා වන අරගලය” උදෙසා මෙවර ඇයට නොබෙල් සාම ත්‍යාගය හිමිවිය.

ගමන් තහනමක් තිබියදීත්, රහසිගතව නෝර්වේ වෙත පැමිණි මචාඩෝ (58), 2024 වසරේ වෙනිසියුලානු ජනාධිපතිවරණයෙන් පසු බොහෝ දුරට සැඟවී සිටියාය.

ඇය අවසන් වරට ප්‍රසිද්ධියේ පෙනී සිටියේ පසුගිය ජනවාරි මාසයේදීයි.

ඔස්ලෝ නුවර ග්‍රෑන්ඩ් හෝටලයේ (Grand Hotel) බැල්කනියේ සිට ඇය අත වනමින් සිය ආධාරකරුවන් ඇමතූ අතර, පසුව වීදියට පැමිණ ආරක්ෂක වැටවල් මතින් නඟිමින් ඔවුන් වැළඳගෙන තිබේ.

ඇය නොපැමිණි සම්මාන ප්‍රදානෝත්සවයේදී ඊයේ ඇගේ දියණිය වන ආනා කොරිනා සෝසා (Ana Corina Sosa) මව වෙනුවෙන් සම්මානය භාර ගනු ලැබුවාය.

නොබෙල් සාම ත්‍යාගය දිනා ගැනීමෙන් පසුව මචාඩෝ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ප්‍රශංසා කළාය.

World News

Send your contact Details Today