පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක හයිඩර් අලිට පනවා තිබූ තාවකාලික තරග තහනම ඉවත් කිරීමට පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය තීරණය කර තිබේ.
පාකිස්තාන ‘ඒ’ (ෂහීන්ස්) කණ්ඩායම පසුගිය සැප්තැම්බර් මාසයේ එංගලන්ත සංචාරයක නිරත විය.
ඒ අතරතුරුදී, එක්සත් රාජධානියේ උපත ලද පාකිස්තානයේ වෙසෙන කාන්තාවක් ඔහුට එරෙහිව ස්ත්‍රී දූෂණ චෝදනාවක් එල්ල කළේය.
එම චෝදනා සම්බන්ධයෙන් විමර්ශන ඇරඹූ මැන්චෙස්ටර් නගර පොලීසිය, හයිඩර් අලි එරෙහි චෝදනාවන්ට ප්‍රමාණවත් සාක්ෂි හමු නොවූ බව පැවසීය.
ඒ අනූව ඔහු එම මාසයේදීම එම චෝදනාවන්ගෙන් නිදහස් විය.
ඔහුට එරෙහි අදාළ චෝදනා එල්වීමත් සමග පාකිස්තාන ක්‍රිකට් ආයතනයද අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කළේය.
ඒ හේතුවෙන් අදාළ විමර්ශන අවසන් වනතෙක් තාවකාලික තරග තහනමක්ද පැනවීමට පියවර ගත්තේය.
අනතුරුව හයිඩර් අලිට පනවා තිබූ තහනම ඉවත්කිරීමත් සමග ඔහුට බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් (BPL) තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහාද අවසර ලබාදී ඇති බව සඳහන්.
මේ අනුව ඔහු සමග මොහොමඩ් නවාස්, අබ්‍රාර් අහ්මඩ්, සහිබ්සාඩා ෆර්හාන්, ෆහීම් අෂ්රෆ්, හුසේන් තලාත් ඇතුළු ක්‍රීඩකයින් පිරිසක් BPL ක්‍රීඩාකිරීමට නියමිතව සිටියි.