Latest News

ට්‍රම්ප්ගේ “රන් කාඩ්පත” හරහා ඩොලර් මිලියනයක් වටිනා කඩිනම් වීසා ක්‍රමයක්

Published 1 hour ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්, අවම වශයෙන් ඩොලර් මිලියනයක් (පවුම් 750,000ක්) ගෙවීමට හැකි ධනවත් විදේශිකයන් සඳහා කඩිනම් වීසා (fast-tracked visa) බලපත්‍ර ලබා දීමේ නව යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කර තිබේ.

‘ට්‍රම්ප් රන් කාඩ්පත’ (Trump Gold Card) ලෙස නම් කර ඇති මෙම වීසා බලපත්‍රය, රටට “සැලකිය යුතු ප්‍රතිලාභයක්” ලබා දෙන බවට ඔප්පු කළ හැකි පුද්ගලයන්ට පමණක් පිරිනමන බවයි මෙම වැඩසටහනේ නිල වෙබ් අඩවියේ සඳහන් වන්නේ.

මෙම කාඩ්පත මිලදී ගන්නන්ට “අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති සහ හොඳින් පරීක්ෂා කරන ලද සියලුම පුද්ගලයන් සඳහා පුරවැසිභාවය කරා සෘජු මාවතක්” ලබා දෙන බවට ජනපති ට්‍රම්ප් ඊයේ (10) සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර තිබේ.

මෙම ‘රන් කාඩ්පත්’ යෝජනා ක්‍රමයට, අමෙරිකාවේ පදිංචිය “වාර්තාගත කෙටි කාලයකින්” ලබා දෙන බවට පොරොන්දු වන අතර, ඒ සඳහා ඩොලර් මිලියනයක ගාස්තුවක් අය කෙරෙයි.

සේවකයන් වෙනුවෙන් අනුග්‍රහය දක්වන ව්‍යාපාර සඳහා ඩොලර් මිලියන 2ක් සහ අමතර ගාස්තු ගෙවීමට සිදුවන බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

විශේෂ බදු සහන සලසන ‘ප්ලැටිනම්’ (Platinum) වර්ගයේ කාඩ්පතක් ද ඩොලර් මිලියන 5ක ගාස්තුවකට ඉක්මනින්ම ලබා ගත හැකි බවයි එම වෙබ් අඩවියේ සඳහන් වන්නේ.

අයදුම්පත් සමාලෝචනය කිරීමට පෙර, ආපසු ලබා නොදෙන ඩොලර් 15,000ක සැකසුම් ගාස්තුවක් ගෙවීමට ද හිමිකම් ලාභීන්ට සිදුවෙයි.

රන් කාඩ්පත් යෝජනා ක්‍රමය මේ වසරේ ප්‍රථමයෙන් ප්‍රකාශයට පත් කළ දා සිට විවේචනයට ලක්විය.

ඇතැම් ඩිමොක්‍රටික් පාක්ෂිකයන් කියා සිටියේ, මෙය අසාධාරණ ලෙස ධනවත් පුද්ගලයන්ට වාසි සලසන බවයි.

ට්‍රම්ප් පරිපාලනය, අනවසර සංක්‍රමණිකයන් පිටුවහල් කිරීමට සහ නීත්‍යානුකූල සංක්‍රමණ මාර්ග සීමා කිරීමට සැලකිය යුතු සම්පත් යොදවමින් සිටින අවස්ථාවක මෙම වැඩසටහන හඳුන්වා දීම කැපී පෙනෙන බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

වැඩ වීසා ගාස්තු ඉහළ නැංවීම සහ ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම ඇතුළු සංක්‍රමණ මර්දනය වොෂින්ටනය දැඩි කර තිබේ.

වසර පහකට පසු පුරවැසිභාවය සඳහා සුදුසුකම් ලබන ‘ග්‍රීන් කාඩ්පත්’ (Green Card) වලට සමාන බවට ජනපති ට්‍රම්ප් මුලින් සඳහන් කළ ද, මෙම රන් කාඩ්පත විශේෂයෙන්ම “ඉහළ පෙළේ” වෘත්තිකයන් ඉලක්ක කරන බවයි ඔහු අවධාරණය කර ඇත්තේ.

ට්‍රම්ප් පරිපාලනය මීට පෙර, දක්ෂ විදේශීය සේවකයන් සඳහා වන H-1B වීසා වැඩසටහනට අයදුම්කරුවන් සඳහා ඩොලර් 100,000ක ගාස්තුවක් අය කිරීමට ද නියෝගයක් අත්සන් කළ අතර, එය තාක්ෂණික සමාගම් සහ විදේශීය සිසුන් අතර යම් කැළඹීමක් ඇති කර තිබුණේය.

World News

Send your contact Details Today