Latest News

බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක නායයාමේ අවදානමක් හේතුවෙන් 806 දෙනෙක් ආරක්‍ෂිත ස්ථානවලට

Published 1 hour ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බදුල්ල දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට මේ දින කිහිපයේ දී නැවතත් වර්ෂා තත්ත්වයක් ඇති වීම හේතුවෙන් එම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක යළිත් නායයෑමේ අවදානමක් පවතින බවට වාර්තා වේ.

මීට පෙර ආපදා තත්ත්වයක් වාර්තා නොවූ රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඊයේ (10) දිනයේ දී නායයාමක් වාර්තා වූ අතර ඒ අනුව එම ප්‍රදේශයේ පදිංචි පවුල 50කට අයත් පුද්ගලයන් 129 දෙනෙක් සුරක්ෂිත මධ්‍යස්ථාන කරා යොමුකළ බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේගුණවර්ධන පැවසුවේය.

ඊට අමතරව ස්වර්ණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 60ක 157දෙනෙක්, ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 40ක 127 දෙනෙක්, රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 50ක 139 දෙනෙක්, මීගහකිවුල කොට්ඨාසයේ පවුල් 35ක 158 දෙනෙක්, හාලිඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 18කට අයත් 87 දෙනෙක් සහ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 34කට අයත් 148 දෙනෙක් මෙලෙස අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශයන්ගෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 238කට අයත් 806 දෙනෙක් මෙලෙස සිය නිවෙස්වලින් ඉවත් කරන්න කටයුතු කළ බවයි දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

World News

Send your contact Details Today