ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් විසින් චීනයට අනතුරු ඇගවීමක් සිදුකර තිබේ.
ඒ යුරෝපා සංගමය සමඟ ඇති දැවැන්ත වෙළඳ අතිරික්තය අඩු කිරීමට පියවර නොගතහොත් චීනයට තීරුබදු පනවන බවටයි.
චීනය ඒ සඳහා ප්‍රතිචාර නොදැක්වුවහොත්, ඉදිරි මාසවලදී දැඩි පියවර ගැනීමට සිදුවනු ඇතැයි ද ප්‍රංශ ජනාධිපතිවරයා පවසා ඇත.
ඒ සඳහා උදාහරණයක් ලෙස චීන නිෂ්පාදන සඳහා තීරුබදු වැනි ක්‍රියාමාර්ග පෙන්වාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එක්සත් ජනපදයෙන් පසු ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය වන චීනය සමඟ යුරෝපා සංගමයේ වෙළඳ හිඟය 2024 දී යුරෝ බිලියන 300 ඉක්මවා ගිය බව වාර්තා වෙයි.