පෘථිවියට ඉක්මනින් සමීප වන අන්තර් තාරකා වල්ගා තරුවක නව ඡායාරූප නිකුත් කර තිබේ.
හබල් අභ්‍යවකාශ දුරේක්ෂය සහ ජුපිටර් අයිස් මූන්ස් එක්ස්ප්ලෝරර් (Jupiter Icy Moons Explorer) මගින් ඒවා සටහන් වී ඇති අතර මෙම මස අගදී එය පෘථිවියට ආසන්න වනු ඇති බවයි අපේක්ෂා කරන්නේ.
එය සෞරග්‍රහ මණ්ඩලය හරහා ගමන් කරන බව නිරීක්ෂණය වූ තුන්වන අවස්ථාව බැවින්, තාරකා විද්‍යාඥයින් වල්ගා තරුව කෙරෙහි අවධානය යොමු කිරීමට බොහෝ මෙහෙයුම් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
ඔක්තෝම්බර් මාසයේදී සූර්යයා අසලින් එහි ආසන්නතම ගමන් කිරීමේදී වල්ගා තරුවෙන් පිට වූ වායූ හේතුවෙන් විද්‍යාඥයින්ට එහි ගමන් පථය තීරණය කිරීමට උපකාර වී ඇති අතර එහි සංයුතිය පිළිබඳ ඉඟි පවා ලබා දී තිබේ.
3I/ATLAS ලෙස හැඳින්වෙන මෙම වල්ගා තරුව ජූලි මාසයේ සොයාගැනීමෙන් පසු Hubble Space Telescope විසින් පළමුවරට නිරීක්ෂණයට ලක්කළේය.
එම අවස්ථාවේදී Hubble දුරේක්ෂය විසින් වල්ගා තරුවේ විශේෂ ‘teardrop’ හැඩයෙන් යුත් පැහැදිලි දසුනක් සටහන් කිරීමට සමත් විය.
තාරකා විද්‍යාඥයින් නොවැම්බර් 30 වන දින නැවතත් එම වල්ගා තරුව සොයා ගත් අතර, එය පෘථිවියේ සිට සැතපුම් මිලියන 178ක් දුරින් සිටියදී, හබල් දුරේක්ෂයේ Wide Field Camera 3 උපකරණය භාවිතා කරමින්, වඩාත් පැහැදිලි ඡායාරූපයක් ග්‍රහණය කර ගනු ලැබුවේය.
මේ අතර, යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ ජුපිටර් අයිස් මූන්ස් එක්ස්ප්ලෝරර්හි මෙහෙයුම් මගින් ද වල්ගා තරුව වටා කුතුහලය දනවන ක්‍රියාකාරකම් පෙන්නුම් කර තිබේ.
3I/ATLAS වල්ගා තරුව දෙසැම්බර් 19 වන දින පෘථිවියේ සිට සැතපුම් මිලියන 167ක් ඇතුළත පැමිණෙනු ඇති නමුත් පෘථිවියට කිසිදු අවදානමක් ඇති නොවන බවයි විද්‍යාඥයින් පවසන්නේ.
මේ අතර වල්ගා තරුව සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටවීමට පෙර තවත් මාස කිහිපයක් දුරේක්ෂ සහ අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා දැකගත හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බවයි නාසා ආයතනය සඳහන් කර ඇත්තේ.

