Latest News

ශ්‍රී ලංකාවේ පාසල් අරඹන දිනය සහ වාර විභාග පැවැත්වීම පිළිබඳව දැනුම්දීමක්

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බලපෑ අහිතකර කාලගුණික තත්ත්වය හේතුවෙන් පාසල් පද්ධතියට සිදු වූ බලපෑම සහ එය නැවත යථා තත්වයට පත් කිරීම, 2025 වර්ෂයේ තෙවැනි පාසල් වාරයේ දෙවැනි කොටසේ ආරම්භය, අ.පො.ස උසස්‍ පෙළ විභාගය පැවැත්වීම පැවැත්වීම වැනි මූලික කරුණු රාශියක් මුල් කරගනිමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව මහතා අද දින (09) මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

මෙහිදී ඒ මහතා ප්‍රකාශ කර සිටියේ මේ වන විට දිවයිනේ සියලු පළාත් සම්බන්ධීකරණය කරමින් තත්ත්වය සමාලෝචනය කිරීමේ දී,10,076 ක් වන දිවයිනේ සියලු පාසල් අතරින් පාසල් 9,929 ක් 2025.12.16 වැනි දින විවෘත කරන බවයි.

ආපදා තත්ත්වයට මුහුණ දුන් පාසල් 147ක් මේ වන විට ආරම්භ කළ නොහැකි මට්ටමේ පවතින බවත්, පළාත් වශයෙන් ලබා දෙන ඉදිරි තහවුරු කරගැනීම්වලදි සිදු විය හැකි සංඛ්‍යාමය වෙනස් වීම් සම්බන්ධයෙන් නිරන්තරයෙන් නිල දැනුවත් කිරීම් සිදු කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළ සිටියේය.

එමෙන් ම දෙසැම්බර් 16 වැනි දින ආරම්භ වන සියලු පාසල්වල විදුහල්පතිවරු, ගුරුවරු සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය දෙසැම්බර් 15 වැනි දින සේවයට වාර්තා කළ යුතු බවත් පැවති ආපදා තත්ත්වයට මුහුණ දුන් ප්‍රදේශවල සිසුන් සහ අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ ඇඳුම් සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි ප්‍රකාශ කළේ.

එමෙන් ම

2025 වර්ෂයේ තෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර 2025.12.16 දින සිට 2025.12.22 දින දක්වා පවත්වන අතර නත්තල් නිවාඩුවෙන් පසු නැවත 2025.12.29 දින සිට 2025.12.31 දින දක්වාත්, මුස්ලිම් පාසල් 2026.01.02 දින දක්වාත් පැවැත්වෙන බව ඒ මහතා ප්‍රකාශ කර තිබේ.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නොපැවැත් වූ විෂයන් ආරම්භ වන්නේ 2026 ජනවාරි මස 12 වැනි දින වන අතර ඒ පිළිබඳ ඉදිරි දැනුවත් දැනුවත් කිරීම් විභාග කොමසාරිස් ජනරාල් විසින් සිදු කරන බව ප්‍රකාශ කර ඇත්තේ .

2026 වර්ෂය සඳහා නව පාසල් වාරය ජනවාරි පස් වන දින (5) ආරම්භ කරන අතර සාමාන්‍ය පෙළ විභාගය සැලසුම් කළ පරිදි පෙබරවාරි මස පැවැත්වෙන බව ද ප්‍රකාශ කර තිබෙනවා.

World News

Send your contact Details Today