Latest News

IPL වෙන්දේසියේ අවසන් මොහොතේදී තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 04ක් එකතු කරයි

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2026 IPL තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ලබන 16 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට කටයුතු සැලසුම් කර තිබේ.

මෙවර ක්‍රීඩක වෙන්දේසියේ දී ක්‍රීඩකයින් 350 දෙනෙකු සඳහා මිල ගණන් ඉදිරිපත් කෙරෙයි.

ඒ අනුව මෙවර ක්‍රීඩක වෙන්දේසිය සඳහා අයදුම්කළ ක්‍රීඩකයින්ගෙන් 1,005 දෙනෙකු ඉවත්කර අවසන් 350 දෙනා මෙලෙස තෝරාගෙන තිබේ.

මේ අතර මෙවර ක්‍රීඩක වෙන්දේසියට තවත් ශ්‍රී ලංකික ක්‍රීඩකයින් කිහිපදෙනෙකුට එක්වීමට අවසන් මොහොතේ අවස්ථාව උදාවී තිබේ.

ඒ, අනුව ට්‍රැවීන් මැතිව්, බිනුර ප්‍රනාන්දු, කුසල් පෙරේරා සහ දුනිත් වෙල්ලාලගේ යන ක්‍රීඩකයින්ට වෙන්දේසියට ඉදිරිපත් කරන ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට එක්කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර මෙවර ක්‍රීඩක වෙන්දේසියට ඉන්දීය රුපියල් කෝටි 02ක උපරිම මූලික මිලට ඇතුළත් වන ක්‍රීඩකයින් 46 දෙනා අතරට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු ඇතුළත්ව සිටියි.

දඟ පන්දු යවන ක්‍රීඩකයින් වන මහීෂ් තීක්ෂණ, වනිඳු හසරංග සහ මිට පෙර චෙන්නායි සුපර් කිංග්ස් නියෝජනය කළ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ එම ක්‍රීඩකයින් වේ.

World News

Send your contact Details Today