Latest News

ශ්‍රී ලංකාවේ ආපදා තත්ත්වයන්ගෙන් රියදුරු බලපත්‍ර අහිමි වූ අයට විශේෂ දැනුම්දීමක්

Published 4 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අයහපත් කාලගුණය හේතුවෙන් විනාශ වී හෝ අස්ථාන ගත වී ඇති රියදුරු බලපත්‍ර වෙනුවෙනට එම රියදුරු බලපත්‍රවල අනුපිටපතක් ලබා ගැනීමේ හැකියාව පවතින බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් කමල් අමරසිංහ පවසයි.

අද (09) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කළේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සියලුම දිස්ත්‍රික් කාර්යාල වෙත ගොස් එම අනුපිටපත් ලබාගැනීමේ හැකියාව පවතින බවයි.

මේ අතර ආපදා තත්ත්වය හේතුවෙන් විනාශයට පත් වූ රථවාහන පිළිබඳව අදාළ වාහනයේ හිමිකරු විසින් තම ප්‍රදේශය භාර ග්‍රාමනිලධාරීවරයා දැනුම්වත් කර පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ද ඉදිරිපත් කරන ලෙසයි කොමසාරිස් ජෙනරාල්වරයා වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

එය හානියට පත්වූ වාහනයේ ඉදිරි නීතිමය කටයුතු වෙනුවෙන් පහසුවක් වනු ඇති බවයි ඔහු මෙහිදී පවසා සිටියේ.

මේ අතර ආපදා තත්ත්වය හේතුවෙන් විනාශ වූ රථ වාහන සම්බන්ධව මේ වන විට තොරතුරු රැස් කරමින් පවතින බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා සඳහන් කළේය.

ඔහු පැවසුවේ එළැඹෙන දෙසැම්බර් 15 වනදායින් පසුව දිස්ත්‍රික් මට්ටමින් විශේෂ ජංගම සේවාවක් මේ සම්බන්ධව සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි.

World News

Send your contact Details Today