Latest News

ඉන්දියාවේ අන්තර්ජාල ගෙවීම් පද්ධතියට ආසියාතික රටවල් ඇතුළු තවත් රටවල් 08ක් එකතු කර ගැනීමට සාකච්ඡා

Published 48 minutes ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නැගෙනහිර ආසි­යා­තික රට­වල් ඇතුළු තවත් රට­වල් 8ක් ඉන්දි­යාවේ ඒකා­බද්ධ ගෙවීම් පද්ධ­ති­යට එක් කර ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ වී ඇතැයි ඉන්දීය මූල්‍ය සේවා ලේකම් එම්.නාග­රාජු ප්‍රකාශ කළ බව හින්දු පුවත් සේවය වාර්තා කළේය.

දැන­ට­මත් රට­වල් 8ක ක්‍රියා­ත්මක වන යූ.පී.අයි. කෙටි නාම­යෙන් හඳු­න්වනු ලබන එම අන්ත­ර්ජාල ක්ෂණික ගෙවීම් සේවාව මේ වසර වන විට අමෙ­රි­කානු ඩොලර් ට්‍රිලි­යන 3.4ක වාර්ෂික ගනු­දෙ­නු­වක් සිදු කර­මින් ජාත්‍ය­න්තර ඩිජි­ටල් මූල්‍ය ගනු­දෙනු ජාලයේ 50%කට දාය­ක­ත්වය ලබාදී ඇතැයි වාර්තා වේ.

මේ වන විට භූතා­නය, සිංග­ප්පූ­රුව, කටාර් රාජ්‍යය, මුරුසි ජන­ර­ජය, නේපා­ලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ශ්‍රී ලංකාව සහ ප්‍රංශය එම ගෙවීම් ජාල­යට ඇතුළත් වී ඇති අතර, විදෙස් රට­ව­ලදී ඉන්දීය ජාති­ක­යන්ට භාණ්ඩ හා සේවා­වන් සඳහා අන්ත­ර්ජා­ලය ඔස්සේ පහසු ගෙවීම් ක්‍රම­යක් බවට පත් වී ඇතැයි වාර්තා වේ.

මීට වසර අට­කට පෙර ඉන්දි­යාවේ බැංකු පද්ධ­ති­යට හඳුන්වා දුන් එම ඒකා­බද්ධ ගෙවීම් ක්‍රම­වේ­දය ඔස්සේ QR සංකේ­තය භාවිත කර­මින් සිල්ලර භාණ්ඩ­වල සිට ඕනෑම උප­ක­ර­ණ­යක් හෝ සේවා­වක් ලබා ගැනීම සඳහා ඉන්දීය මුද­ලින් ගෙවීම් සිදු­කි­රීමේ හැකි­යාව පවතී.

World News

Send your contact Details Today