Latest News

හමාස් සංවි­ධා­නය විසින් තවත් පලස්තීන සන්නද්ධ කණ්ඩා­යම් නායකයෙකු ඝාතනය කරයි

Published 1 hour ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊශ්‍රා­යල හිත­වාදී පල­ස්තීන සන්නද්ධ කණ්ඩා­යම් නාය­ක­යකු වන යසීර් අබු ෂහාබ් හමාස් සංවි­ධා­නය විසින් ඝාත­නය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊශ්‍රා­ය­ලයේ පාල­නය යටතේ පව­තින දකුණු ගාසා තීරයේ රෆා නුවර ස්ථාන­ගත වී සිටි සිය නාය­කයා වෙඩි ප්‍රහා­ර­ය­කින් මිය ගිය බව හමාස් විරෝධී සන්නද්ධ කණ්ඩා­යම නිවේ­ද­නය කර ඇතැයි ද වාර්තා වේ.

ගාසා යුද­ගැ­ටුම් අත­ර­තුර හමාස් සංවි­ධා­න­යට එරෙ­හිව නැඟී සිටි එම සන්නද්ධ කණ්ඩා­යම ඊශ්‍රා­ය­ලය වෙනු­වෙන් සහාය පළ කිරීම ඝාත­න­යට හේතු වී ඇතැයි ද වාර්තා වේ.

වෙඩි ප්‍රහා­ර­යෙන් තුවාල ලැබූ සන්නද්ධ නාය­කයා ඊශ්‍රා­යල හමු­දාව විසින් රෆා නග­ර­යෙන් ඉව­තට රැගෙන ගොස් දකුණු ඊශ්‍රා­ය­ලයේ රෝහ­ල්ගත කර ඇති අතර, ප්‍රති­කාර ලබ­මින් සිටි­යදී මිය­ගිය බව විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

ඊශ්‍රා­ය­ලය වෙනු­වෙන් සහාය පළ කිරීම හේතු­වෙන් හමාස් සංවි­ධා­නය ඔහු ඝාත­නය කිරී­මට නියෝග නිකුත් කර තිබූ බව ද වාර්තා වේ.

World News

Send your contact Details Today