කැනඩාවේ එඩ්මන්ටන් නගරයේ පොලිස් නිලධාරීන්ගේ ශරීරයේ පැළඳිය හැකි කැමරා (Body Cameras) සඳහා කෘත්‍රිම බුද්ධියෙන් (AI) බල ගැන්වූ මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය (Facial Recognition Technology) සජීවීව පරීක්ෂා කිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.
වරක් ආක්‍රමණශීලී යැයි ප්‍රතික්ෂේප වූ මෙම තාක්ෂණය උතුරු අමෙරිකාවේ පොලිස් සේවයට එක් කිරීමේ වැදගත් පියවරක් ලෙස මෙය සැලකෙයි.
මෙම AI තාක්ෂණය පුහුණු කර ඇත්තේ එඩ්මන්ටන් නගරයේ “අධි අවදානම්” නිරීක්ෂණ ලැයිස්තුවට ඇතුළත් පුද්ගලයන් 7,000කට ආසන්න සංඛ්‍යාවකගේ මුහුණු හඳුනාගැනීමටයි.
පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව වැඩි දියුණු කිරීම මෙම නියමු ව්‍යාපෘතියේ අරමුණ බව එඩ්මන්ටන් පොලිස් සේවයේ වැඩබලන අධිකාරී කර්ට් මාටින් සඳහන් කර තිබේ.
මෙම ලැයිස්තුවට ප්‍රචණ්ඩ හෝ පහර දෙනසුලු, ආයුධ සහිත සහ අධි අවදානම් අපරාධකරුවන් ලෙස වර්ගීකරණය කර ඇති පුද්ගලයන් 6,341ක් සහ බරපතල අපරාධ වරෙන්තු සහිත පුද්ගලයන් 724ක් ඇතුළත්.
ප්‍රමුඛතම ශරීර කැමරා නිෂ්පාදකයා වන Axon Enterprise, Inc. සමාගම මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම, ප්‍රජා කණ්ඩායම් සහ විශේෂඥයන් අතර පුළුල් කනස්සල්ලක් ඇති කරනු ලබන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
වසර හයකට පෙර මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය පොලිස් භාවිතය බරපතල ආචාරධාර්මික ගැටලු මතු කරන බව පවසා එය අත්හිටවූයේ ද Axon සමාගමයි.
Axon හි AI ආචාරධර්ම මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු වන බැරී ෆ්‍රීඩ්මන් සඳහන් කළේ, ප්‍රමාණවත් මහජන විවාදයකින්, පරීක්ෂණයකින් හෝ විශේෂඥ ඇගයීමකින් තොරව Axon සමාගම ඉදිරියට ගමන් කිරීම කනස්සල්ලට කරුණක් බවයි.
“ප්‍රතිලාභ පිළිබඳ පැහැදිලි ඇඟවීමක් නොමැතිව, සැබෑ පිරිවැයක් සහ අවදානමක් ඇති මෙම තාක්ෂණයන් භාවිතා නොකිරීම අත්‍යවශ්‍යයි,” යනුවෙන් ඔහු සඳහන් කර තිබේ.
Axon හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී රික් ස්මිත් ප්‍රකාශ කළේ, මෙම එඩ්මන්ටන් නියමු ව්‍යාපෘතිය නිෂ්පාදනයක් දියත් කිරීමක් නොවන බවත්, එය තාක්ෂණයේ කාර්ය සාධනය තක්සේරු කිරීමට සහ වගකීමෙන් යුතුව භාවිත කිරීම සඳහා අවශ්‍ය ආරක්ෂිත විධිවිධාන හෙළි කිරීමට අදහස් කරන “මුල් අවධියේ ක්ෂේත්‍ර පර්යේෂණයක්” බවයි.
Motorola Solutions සමාගම ද මෙවැනි තාක්ෂණයක් ඒකාබද්ධ කිරීමේ හැකියාව තිබුණද, ආචාරධාර්මික හේතු මත එය ස්වේච්ඡාවෙන් වළක්වා ගත් බව නිවේදනය කර තිබේ.
2023 වසරේදී කැනඩාවේ ඇල්බර්ටා පළාත් රජය විසින් පොලිස් අන්තර්ක්‍රියා වාර්තා කිරීම, වඩා හොඳ සාක්ෂි රැස් කිරීම සහ පරීක්ෂණ විසඳීමේ කාලය අඩු කිරීම අරමුණු කර ගනිමින් පළාතේ සියලුම පොලිස් ආයතන සඳහා ශරීර කැමරා (Body Cameras) අනිවාර්ය කර තිබේ.
කෙසේ වෙතත්, මෙම කැමරාවලට තත්‍ය කාලීන මුහුණු හඳුනාගැනීමේ (Real-time Facial Recognition) තාක්ෂණය එක් කිරීම සම්බන්ධයෙන් බරපතළ මතභේදයක් සහ විරෝධයක් මතුව ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.