ඩුබායි හිදී පැවැත්වෙන පිරිමි බොක්සිං ලෝක ශූරතාවලියේ පළමු දින 3 නිමා වන විට අවසන් 16 දෙනාගේ වටයට පිවිසීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ මොහොමඩ් උසයිත්, රවිඳු කුමාර සහ ඩැනිල් තිස්සආරච්චි යන ක්‍රීඩකයෝ සමත් විය.
ඒ අතරින් ඩැනිල් තිස්සආරච්චි අද (08) රාත්‍රි සිය දෙවැනි තරගය වන 16 දෙනාගේ වටයේ තරගය සඳහා සහභාගිවීමය නියමිතයි.
තරගාවලියේ ආරම්භක දිනයේදී කිලෝ ග්‍රෑම් 48 බර පන්තියෙන් තරග වැදුණු ඩැනිල් සිය කෙන්යානු ප්‍රතිවාදියා 4 – 1ක් ලෙස පරාජය කරමින් ඉදිරි වටයට පිවිසියේය.
අද (08) ඩැනිල්ගේ තරගය ජෝර්ජියාවේ සකිල් අලක්වර්දොවි සමගින් යෙදී තිබේ.
එදිනම පැවැති කිලෝ ග්‍රෑම් 75 බර පන්තිය නියෝජනය කළ මොහොමඩ් උසයිත් රුවන්ඩා ක්‍රීඩකයා 5-0ක් ලෙස පරාජය කළ අතර අනතුරුව තරගාවලියේ තෙවැනි දිනය වූ පෙරේදා (6 ) පැවැති සිය දෙවැනි තරගයේදී ශාන්ත ලුසියාවේ ප්‍රතිවාදියාව ද 5-0ක් ලෙස පරාජය කිරීමට සමත් විය.
කිලෝ ග්‍රෑම් 54 බර පන්තිය යටතේ තරග කළ රවිඳු කුමාර ද එදින සිය චීන ප්‍රතිවාදියා 3-2ක් ලෙස පරාජය කරමින් අවසන් 16 දෙනාගේ වටයට පිවිසීමට සමත් විය.
මේ අතර තරගාවලියට සහභාගි වූ තරගකරුවන් 8 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ළාබාලතම ක්‍රීඩකයා වන උසයිත් සහ රවිඳු සහභාගි වන 16 දෙනාගේ වටයේ තරග හෙට (09) රාත්‍රි පැවැත්වීමට නියමිතයි.