Latest News

2025 ෆෝමියුලා වන් ලෝක ධාවකයන්ගේ ශූරතාව ලැන්ඩෝ නොරිස්ට

Published 1 hour ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මැක්ලැරන් කණ්ඩායමේ ධාවකයා වන ලැන්ඩෝ නොරිස් අබුඩාබි ග්‍රෑන්ඩ් ප්‍රී තරගය තෙවන ස්ථානයෙන් අවසන් කරමින් 2025 ෆෝමියුලා වන් ලෝක ධාවකයන්ගේ ශූරතාව (Formula One World Drivers’ Championship) දිනා ගැනීමට සමත් විය.

ඒ ලකුණු 2ක තියුණු පරතරයකින් (සමස්ථ තරගයේ) මැක්ස් වර්ස්ටැපන් පරාජය කරමින්.

මෙම ජයග්‍රහණයත් සමඟ ඔහු 2008 වසරෙන් පසු ෆෝමියුලා වන් ලෝක ශූරතාව දිනාගත් පළමු මැක්ලැරන් ධාවකයා බවටද පත් වීම විශේෂත්වයක්.

තරගයේ අවසන් වටය තෙක්ම දැඩි උණුසුමකින් පැවති ශූරතා සටන මැක්ලැරන් ධාවකයාගේ විශිෂ්ට දක්ෂතා හේතුවෙන් ජයග්‍රහණය කරා යොමු වූ අතර, ලොව පුරා සිටින ක්‍රීඩා ලෝලීන්ගේ අවධානය දිනාගත් අවසන් තරගයක් බවටද මෙය පත්විය.

World News

Send your contact Details Today