Latest News

තායි – කාම්බෝජ දේශසීමාව ඇවිලෙයි

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

තායිලන්තය සහ කාම්බෝජය ප්‍රහාර පළමුව එල්ල කළේ අනෙක් පාර්ශ්වය බවට චෝදනා කරමින් අද (08) ප්‍රහාරයක් දියත්කර තිබේ.

ඒ තායිලන්තය සහ කාම්බෝජය අතර මතභේදයට තුඩු දී ඇති දේශසීමාවේ ගැටලු තවදුරටත් උත්සන්න වීම හේතුවෙන්.

කාම්බෝජ හමුදා වෙඩි තැබීමෙන් පසු, රාජකීය තායි හමුදාව විසින් කාම්බෝජ හමුදා ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර (Air Strikes) එල්ල කිරීම ආරම්භ කර ඇති බවයි නිවේදනය කර තිබෙන්නේ.

මෙම ගැටුම්වලින් එක් තායි සොල්දාදුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, හතර දෙනෙකු තුවාල ලබා තිබේ.

ගැටුම් ඇති වූයේ තායිලන්තයේ උබොන් රාචතානි (Ubon Ratchathani) පළාතේ චොං බොක් (Chong Bok) ප්‍රදේශයේදීයි.

කාම්බෝජ හමුදා විසින් උදෑසන තායි භූමියට වෙඩි තැබූ බවත්, තම හමුදා ගුවන් යානා යොදා ගත්තේ කාම්බෝජ වෙඩි තැබීම් මැඩපැවැත්වීමට බවත් තායි හමුදා ප්‍රකාශක මේජර් ජනරාල් වින්තායි සුවාරී (Winthai Suvaree) ප්‍රකාශ කර තිබේ.

කාම්බෝජය ප්‍රථමයෙන් ප්‍රහාරය ආරම්භ කළේ තායි හමුදා බව කාම්බෝජ ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශිකා මාලි සෝචේටා (Maly Socheata) පවසන අතර, කාම්බෝජය ප්‍රතිප්‍රහාර එල්ල නොකළ බවයි ඇය පවසන්නේ.

World News

Send your contact Details Today