කොළඹ නුවර පාරේ, ගනේතැන්න සහ කඩුගන්නාව අතර කොටස අද සිට සම්පූර්ණයෙන් විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
එහි අධ්‍යක්ෂ ජනරාල් විමල් කණ්ඩම්බි මහතා සඳහන් කළේ, අද උදෑසන 7 ට එම මාර්ග කොටස සම්පූර්ණයෙන් විවෘත කළ බවයි.
ආපදා හේතුවෙන් හානිවූ ප්‍රධාන මාර්ග 256 න් 219 ක් මේ වන විට රථ වාහන ධාවනය සඳහා විවෘත කර ඇතැයි ද ඔහු පැවසුවේය.
මේ අතර මහනුවර සිට කොළඹ බලා පැමිණෙන දුම්රිය මගීන්ට අද (08) සිට විශේෂ බස් රථ සේවාවක් යෙදවීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව එම විශේෂ බස් රථවල දුම්රිය වාර ප්‍රවේශ පත්‍රය භාවිත කරමින් ගමන් කිරිමේ හැකියාව පවතින බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති පී. ඒ. චන්ද්‍රපාල සඳහන් කළේ.
ඒ අනුව උදෑසන 4.00, 4.15 සහ 4.30ට, දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර සහිත මගීන් සඳහා පමණක් වූ ප්‍රවාහන සේවාවක් සැපයීමට කටයුතු කර ඇති බවයි ඒ මහතා සඳහන් කර සිටියේ.
එමෙන්ම ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙම බස් රථ ප්‍රමාණවත් නොවන්නේ නම් අමතර බස් රථ ද, ප්‍රවාහනය සඳහා යොදා ගැනීමට නියමිත බවයි.
ඒ අනුව කොළඹ සහ නුවර අතර ප්‍රවාහනය සඳහා තෝරාගෙන ඇත්තේ නුවර, කටුගස්තොට, ගලගෙදර, හතරලියද්ද, රඹුක්කන, කරඬුපන, කෑගල්ල, පස්යාල හරහා කොළඹ දක්වා දිවෙන බස් රථ මාර්ගය බව ද ඒ මහතා පැවසුවේය.
එම මාර්ගය මගීන් සඳහා සුරක්ෂිත මාර්ගය ලෙස ජාතික ගමනාගමන කොමිශන් සභාව, දුරගමන් සේවා බස් වෙනුවෙන් තෝරාගෙන ඇති බව ද චන්ද්‍රපාල මහතා පැවසුවේය.