Latest News

ශ්‍රී ලංකාවට බලපෑ ආපදා තත්ත්වය නිසා අද දිනය වන විට මියගිය සහ අතුරුදන් පිරිස ගැන නවතම වාර්තාව මෙන්න

Published 9 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 627ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

එම මධ්‍යස්ථානය අද (07) සවස නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ මින් පුද්ගලයින් 190ක් අතුරුදන්ව ඇති බවයි.

ආපදා තත්ත්වය හමුවේ පුද්ගලයින් 2,179,138ක් පීඩාවට පත්ව සිටිනවා.

මේ අතර පවුල් 27,663ක පුද්ගලයින් 89,857ක් තවමත් සුරක්ෂිත මධ්‍යස්ථානවල රැඳී සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.

මේ අතර සිදුව ඇති මරණවලින් වැඩිම සංඛ්‍යාවක් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම ගණන 232ක්.

බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 90ක් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මරණ 89ක් වාර්තා වන අතර, සිව්වැනියට වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ පුත්තලම දිස්ත්‍රික්කයෙන්.

එම මරණ සංඛ්‍යාව 35ක් බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ අතර පැවති ආපදා තත්ත්වය හමුවේ නිවාස 4,517ක් සම්පූර්ණ ලෙස විනාශයට පත්ව ඇති අතර, නිවාස 76,066කට අර්ධ හානි සිදුව ඇති බවයි එම මධ්‍යස්ථානය වැඩිදුරටත් පැවසුවේ.

World News

Send your contact Details Today