Latest News

ප්‍රදේශ කිහිපයකට නිකුත් කළ නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කරයි

Published 9 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක් සඳහා නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

එම සංවිධානය පැවසුවේ මෙම අනතුරු ඇඟවීමේ නිවේදනට අද (07) පස්වරු 04.00 සිට හෙට (08) පස්වරු 04.00 දක්වා බලපැවැත්වෙන බවයි.

පසුගිය පැය 24 තුළ වර්ෂාපතනය 75mm ඉක්මවා ඇති බැවින් , වර්ෂාව තවදුරටත් පවතී නම්, නායයෑම්, බෑවුම් කඩා වැටීම් සහ පොළොව ගිලා බැසීම් වැනි අනතුරුවලින් වැලකීම සඳහා ආරක්ෂිත ස්ථාන කරා ක්ෂණිකව ඉවත්වන ලෙසයි ඒ මගින් දැනුම්දෙන්නේ.

ඒ අනුව නායයෑම් රතු නිවේදන මහනුවර, කොළඹ, කෑගල්ල, කුරුණෑගලර, මාතලේ යන දිස්ත්‍රික්කවල ප්‍රදේශයන් කිහිපයක් සඳහා නිකුත් කර තිබේ.

අදාළ ප්‍රදේශවල ජනතාව මේ සම්බන්ධයෙන් වැඩි අවධානයකින් පසුවිය යුතු බව ද එම සංවිධානය සඳහන් කරයි.

අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත්කර ඇති දිස්ත්‍රික්කය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්…

World News

Send your contact Details Today