Latest News

ක්වෙන්ටින් ටැරන්ටිනෝ නම් කළ 21 වන සියවසේ හොඳම චිත්‍රපට 10 මෙන්න

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

Pulp Fiction, Django Unchained, Inglourious Basterds… වැනි ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ඔස්කාර් සම්මානලාභී හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂක ක්වෙන්ටින් ටැරන්ටිනෝව ඔබ අසා ඇති.

පසුගියදා ඔහු ප්‍රකට “Bret Easton Ellis Podcast” නම් podcast වැඩසටහනට සහභාගී වෙමින් මේ වනතෙක් 21 වන සියවස පුරාවට නිකුත් වූ ඔහුගේ ප්‍රියතම චිත්‍රපට 10 ය හෙළි කරනු ලැබුවේ එක් පුදුම සහගත තේරීමක් එහි ඉහළින්ම සටහන් කරමින්.

ටැරන්ටිනෝ මීට සතියකට පෙර ඔහුගේ 11 හේ සිට 20 දක්වා චිත්‍රපට නම් කළ අතර එයට ස්ටීවන් ස්පිල්බර්ගේ “West side story” සහ “Money Ball”, “Battle Royale” වැනි චිත්‍රපට අන්තර්ගත විය.

මෙවර, ඔහු තීරණාත්මක, ඉහළම චිත්‍රපට 10 නම් කළ අතර එම ලැයිස්තුවේ කිරුළ හිමි කරගත් චිත්‍රපටය වූයේ රිඩ්ලි ස්කොට් විසින් අධ්‍යක්ෂණය කළ ‘Black Hawk Down’ චිත්‍රපටයි.

ඔහුගේ චිත්‍රපට ලැයිස්තුවේ මීළඟට ඉහළින්ම තිබූ චිත්‍රපටය වූයේ “Toy Story”(2010) animated චිත්‍රපටයයි. ටැරන්ටිනෝ එය හැඳින්වූයේ “සම්පූර්ණයෙන්ම පාහේ පරිපූර්ණ චිත්‍රපටයක්” ලෙසයි.

ටැරන්ටිනෝගේ ලැයිස්තුවේ පහළ භාගය වන විට George Miller ගේ “Mad Max: Fury Road”(2010), Edgar Wright ගේ ‘Shaun of the Dead’ (2004), Woody Allen ගේ “Midnight in Paris”(2011) වැනි පුළුල් පරාසයක චිත්‍රපට විය.

ක්වෙන්ටින් ටැරන්ටිනෝට අනුව 21 වන සියවසේ හොඳම චිත්‍රපට 10 ය මෙසේයි.

01. Black Hawk Down
02. Toy Story 3
03. Lost In Translation
04. Dunkirk
05. There Will Be Blood
06. Zodiac
07.Unstoppable
08.Mad Max: Fury Road
09. Shaun of the Dead
10. Midnight in Paris

World News

Send your contact Details Today