Latest News

ආපදා සහන සඳහා වන විශේෂ චක්‍රලේඛය නිකුත් කරයි

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය නිකුත් කර තිබේ.

ඒ, මහා භාණ්ඩාගාර හා මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය හර්ෂණ සුරියප්පෙරුම විසිනි.

ඒ අනුව හදිසි ආපදා තත්ත්වයට මුහුණදී ඇති ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට පත්කිරීම සඳහා ශීර්ෂ ගණනාවක් ඔස්සේ සහන සලසා තිබේ.

ඒ අනුව බලපෑමට ලක්වූ නිවාසවල පුද්ගලයින් නැවත පදිංචියට යාමේදී නිවසේ අයිතිය නොසලකා එක් නිවාස ඒකකයකට එක්වරක් පමණක් ගෙවන රුපියල් පනස් දහසක දීමනාවක් හිමිවනු ඇත.

මීට අමතරව ජීවනෝපාය කටයුතුවල අඛණ්ඩව නිරතවිය නොහැකි පවුල් වෙත මාස තුනක කාලයක් රුපියල් 50,000ක උපරිමයකට යටත්ව දීමනාවක් ලබාදීමටද නියමිතය.

ආපදා බලපෑම හේතුවෙන් හානිවී ඇති ව්‍යාපාර ගොඩනැගිලි සඳහා රුපියල් පනස් ලක්ෂයක් දක්වා හානි පූර්ණ වන්දියක් ගෙවීමට නව චක්‍රලේඛය මගින් ප්‍රතිපාදන සැලසෙයි.

අදාළ චක්‍රලේඛය පහතින්…

World News

Send your contact Details Today