Latest News

‘යුරෝ විෂන්’ තරගාවලිය වර්ජනය කිරීමට යුරෝපා රටවල් කීපයක් තීරණය කරයි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යුරෝපා රටවල් එක් වී සංවිධානය කරන ‘යුරෝ විෂන්’ ගීත තරගාවලිය සෑම වසරකම පැවැත්වෙන අතර, 2026 වසරේ පැවැත්වීමට නියමිත ‘යුරෝ විෂන්’ තරගාවලිය වර්ජනය කිරීමට යුරෝපා රටවල් කීපයක් තීරණය කර ඇත.

ඒ, ඊශ්‍රායලයට විරෝධය දැක්වීමක් වශයෙනි.

‘යූරෝ විෂන්’ වර්ජනය කිරීමට සූදානම් වන රටවල් වන්නේ අයර්ලන්තය, නෙදර්ලන්තය, ස්ලාවේනියාව සහ ස්පාඤ්ඤයයි.

මෙම රටවල් පවසන්නේ, යුරෝ විෂන්’ ගීත තරගාවලියට ඊශ්‍රායල ගායක ගායිකා කණ්ඩායම් සහභාගී වන්නේ නම්, තමන් තරගාවලියට ඉදිරිපත් නොවන බවය.

මෙම රටවල් මෙසේ ඊශ්‍රායලයට විරෝධය පළ කර ඇත්තේ, ඊශ්‍රායලය ගාසා තීරයේ පලස්තීනුවන්ට එරෙහිව සිදු කරන කෙණෙහිලිකම් සැලකිල්ලට ගනිමිනි. ඊශ්‍රායලය, ගාසා තීරයේ පලස්තීනුවන් සමුල ඝාතනය කරනවා යැයි මෙම රටවල් චෝදනා නගා ඇත.

World News

Send your contact Details Today