කලා ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ රංගන ශිල්පී නිහාල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඒ මහතා 71 වැනි වියේ පසුවිය.
දශක හතරකට අධික කාලයක් පුරා වේදිකාව, සිනමාව සහ ටෙලි නාට්‍ය යන අංශ තුනෙහිම ප්‍රතිභාව පෑ ඔහු රංගනයෙන් මෙන්ම අධ්‍යක්ෂණයෙන්ද දස්කම් දැක්වූ විශිෂ්ට කලාකරුවෙකි.
කොළඹ ලුම්බිණි විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වූ නිහාල් ප්‍රනාන්දු මහතා කලා ලොවට පිවිසෙන්නේ 1973 වසරේදී පමණ සයිමන් නවගත්තේගමයන්ගේ “ස්ත්‍රී” නාට්‍යය හරහාය.