එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ඊයේ ආරම්භ වූ සිවුවැනි ජාත්‍යන්තර ලීග් විස්සයි20 (ILT 20) ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලාංකික ක්‍රීඩකයෝ 8ක් එක්ව සිටිති.
ඔවුහු මේ තරගාවලියට එක්වන කණ්ඩායම් 6න් 5කට ඇතුළත්ව සිටිති.
එහිදී වත්මන් ශූරයන් වන ඩුබායි කැපිටල්ස් පිලට ශ්‍රී ලංකා හිටපු නායක දසුන් ශානක සමඟ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර එක්ව සිටින අතර, ශානක කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරයි.
ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක සහ වේග පන්දු යවන නුවන් තුෂාර ගල්ෆ් ජයන්ට්ස් පිලට එක්ව ඇති අතර, දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ඩෙසර්ට් වයිපර්ස් පිල නියෝජනය කරද්දී දඟ පන්දු යවන මහීෂ් තීක්ෂණ සාජා වොරියර්ස් පිල සමඟ එක්ව සිටියි.
තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් පසුගියදා මුම්බායි ඉන්දියන් එමිරේට්ස් පිල සමඟ ගිවිසුම් අත්සන් කළේය.
තරගාවලිය ආරම්භ කරමින් දසුන් සහ දුෂ්මන්ත ක්‍රීඩා කරන වත්මන් ශූරයන් වන ඩුබායි කැපිටල්ස් පිල සමඟ වනිඳු හසරංග ක්‍රීඩා කරන ඩෙසර්ට් වයිපර්ස් පිල අතර තරගය ඊයේ රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබිණි.
අද සාජා වොරියර්ස් සහ අබුඩාබි නයිට් රයිඩර්ස් පිල අතර තරග පැවැත්වේ.
මේ තරගාවලියේ මූලික වටයේ තරග මේ මස 28 වැනිදා නිමා වෙයි. අවසන් වටයේ තරග මේ මස 30 සිට ලබන මස 2 වැනිදා පැවැත්වෙන අතර, අවසන් මහ තරගය ලබන මස 4 වැනිදා පැවැත්වේ.