ශ්‍රී ලංකාවට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ ඇති වූ ආපදා තත්ත්වය නිසා ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 474ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වේ.
එමෙන්ම, ආපදා තත්ත්වයත් සමඟ අතුරුදහන් වූ පුද්ගලයින් සංඛ්‍යාව 356ක් වී ඇති බව එම නිවේදනයේ සඳහන්.
දිවයින පුරා ක්‍රියාත්මක සුරක්ෂිත මධ්‍යස්ථාන 1,385ක අවතැන්ව පුද්ගලයින් 201,875ක් රැඳී සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.