Latest News

SL vs ENG Test | Day 02: වසර 40ක වාර්තාව මිලාන් බිඳ දමයි

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි.

පළමු දිනය සඳහා තරගය නතර කරන විට සිය ප්‍රථම ඉනිම සඳහා පන්දුවට පහර දෙන එංගලන්ත කණ්ඩායම කිසිදු කඩුල්ලක් නොදැවි ලබා සිටි ලකුණු සංඛ්‍යාව 22ක්.

ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 214ක් පිටුපසින් සිටින්නේ කඩුලු 10ක් අතැතිවයි.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 236ක් පමණයි.

එහි දී ධනංජය ද සිල්වා ලකුණු 74ක් සහ මිලාන් රත්නායක ලකුණු 72ක් ලබාගත්තා.

මෙම තරගයේ දී මිලාන් රත්නායක වසර 40ක වාර්තාවක් බිඳ හෙළීමටයි සමත් වුණේ.

ඒ තම මංගල ටෙස්ට් තරගයේ දී අංක නව ස්ථානයේ පන්දුවට පහරදෙමින් වැඩිම ලකුණු රැස්කළ ක්‍රීඩකයා බවට පත්වෙමින්.

ඒ අනුව මිලාන් රත්නායක බිඳහෙළුවේ ඉන්දියානු ක්‍රීඩක බන්වින්ද්‍ර සන්ධු පිහිටුවා තිබූ ලකුණු 71ක වාර්තාවයි.

පන්දු යැවීමේ දී ක්‍රිස් වෝක්ස් සහ ෂොයිබ් බෂීර් කඩුලු තුන බැගින් දවාගත්තා.

World News