ශ්‍රී ලංකාවේ වායුගුණත්ව තත්ත්වයේ පහළ යාමක් සිදුව තිබේ.
ඒ අනුව ඊයේ රාත්‍රිය වන විට බස්නාහිර පළාතේ වායු ගුණත්ව දර්ශකය සෞඛ්‍යයට ඉතා අහිතකර මට්ටමක් දක්වා ළගා වී තිබුණේය.
එසේම, අනුරාධපුර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල වායු ගුණත්ව දර්ශකය සෞඛ්‍යට අහිතකර මට්ටමේ පවතී.
දිට්වා සුළි කුණාටුව ඉන්දියාව දෙසට ගමන් කිරීමෙන් පසු සුළං රටාවේ සිදුවූ වෙනස්කම් සමග දූවිලි අංශු ශ්‍රී ලංකාවේ වායුගෝලයට ඇතුලුවීම මෙම තත්ත්වයට හේතුවී ඇති බව සඳහන්.
මෙම තත්ත්වය ඉදිරි දින කිහිපයේද අපේක්ෂා කළ හැකි බවයි වාර්තා වන්නේ.