වෙන්නප්පුව සහ ලුණුවිල අතර ප්‍රදේශයේ දී හෙලිකොප්ටරයක් අනතුරකට ලක්ව ඇති බව පොලිසිය ප්‍රකාශ කළේය.
ආපදා සහන මෙහෙයුම්වල නිරතව සිටි ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටර් යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
එම අනතුරෙන් ගුවන් හමුදා සෙබළුන් දෙදෙනෙකු බේරාගෙන ඇති අතර, අනෙක් අය බේරා ගැනීමට කටයුතු ආරම්භ කර ඇති බවයි පොලිසිය පැවසුවේ.