Latest News

වැලිමඩ නායෑමකින් විදෙස් සංචාරකයින් සහ සිවිල් වැසියන් මුදා ගැනේ – 10 දෙනෙකු පමණ අතුරුදන්

Published 5 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වැලිමඩ රේන්දපොළ ප්‍රදේශයේ ඊයේ (29) රාත්‍රී 12:00 ට පමණ නාය යාමක් වාර්තා වූ අතර, ඒ සඳහා වහාම හමුදාව විසින් මුදවා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

​දියතලාවෙන් පිටත් වූ 20 දෙනෙකුගෙන් යුත් හමුදා කණ්ඩායම, මාර්ග අවහිරතා හේතුවෙන් කිලෝමීටර් 8 ක් පමණ පා ගමනින් ගොස්, මීට සුළු මොහොතකට පෙර ජීවිත බේරා ගත් බවයි සඳහන් වන්නේ.

​ඒ අනුව,
👉 ​විදෙස් සංචාරකයින් 03 ක් ( මෙක්සිකානු සංචාරකයෙක් සහ ආර්ජන්ටීනියානු සංචාරකයන් දෙදෙනකු)
👉 ​ප්‍රදේශවාසින් 09 ක් ( කුඩා දරුවෙකු ඇතුලු පිරිසක්)
​ඇතුලු දොලොස් (12) දෙනෙකු නිරුපද්‍රිතව මුදවා ගැනීමට හමුදා භට පිරිස් සමත් වී තිබුණි.

​ගම්වාසීන්ගේ වාර්තා අනුව, තවත් නිවාස 05ක් පමණ හා එහි සිටි 10 දෙනෙකු ආසන්න පිරිසක් එම පස් කන්දකට යටවී ඇති බවට සැක පළ කරයි.

තවදුරටත් ඔවුන් මුදවා ගැනිමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි.

ඒ අනුව, මේ වන විටත් තවත් 30 දෙනෙකුගෙන් යුත් හමුදා කණ්ඩායමක් එම ප්‍රදේශයට පිටත් කර යවමින් තිබේ.

World News

Send your contact Details Today