ඉදිරි පැය 24 තුළ මහඔය නිම්නයේ පහත් බිම් ප්‍රදේශවල මෑත ඉතිහාසයේ ඇති නොවූ මට්ටමේ අධික ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
ඒ මහඔය ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවල බොහෝ ස්ථානවලට පසුගිය පැය 24 තුළ අධික වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන්.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව, මෙම අනතුරු ඇඟවීම දෙසැම්බර් 1 වන දින උදෑසන 8.30 දක්වා වලංගු වෙයි.
මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.