Latest News

කොත්මලේ රම්බොඩගම දරුණු නාය යෑමක් – ගම්පහ ගං වතුර මට්ටම් තවත් ඉහළට

Published 6 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කොත්මලේ, රම්බඩගම ආසන්නයේ සිදු වූ නායයෑමෙන් මේ වන විට පුද්ගල මළ සිරුරු 07ක් සොයාගෙන තිබෙන බවට තොරතුරු වාර්තා වෙයි.

පුද්ගලයන් 25දෙනෙක්ද අතුරුදන් වී සිටින බවයි වාර්තා වන්නේ.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගලු ඔය ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ, ඉංජිනේරු එල්. ඒ. සූරියබණ්ඩාර මහතා පවසා සිටියේ, ඊයේ (28) දිනය තුළ එම ප්‍රදේශයට මි.මී 300කට අධික වර්ෂාපතනයක් දූනමලෙයි ප්‍රදේශයට ඉහළ තැන්වලට ලැබී ඇති බවය.

මේ වනවිට දූනමලෙයි ජල මිනුම් මධ්‍යස්ථානය උපරිම ස්ථානයට පැමිණ ඇති අතර, එම ස්ථානයත් යට වී ඇති බව ද අධ්‍යක්ෂවරයා පැවසීය.

මේ හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ පහළ ප්‍රදේශය හා ගම්පහ නගරය මෙන්ම වත්තල, ජාඇළ වැනි ප්‍රදේශ තවදුරටත් ජලයෙන් යටවෙන බව ද ඒ මහතා සඳහන් කළේය.

ඉදිරි පැය 24 සඳහා අධි අවදානම් ගංවතුර ඇඟවීමක් මහ ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කර ඇති අතර, මේ හේතුවෙන් ගිරිඋල්ල සහ බඩල්ගම මිනුම් මධ්‍යස්ථානවලට අති දැවැන්ත ජල මට්ටමකට ළඟා වී ඇතැයි ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

දිවුලපිටිය, අලව්ව, කටාන, මීරිගම, දංකොටුව, පන්නල, නාරම්මල, මීගමුව හා වෙන්නප්පු යන ප්‍රදේශවල පහත්බිම් යටවීමේ අවදානමක් පවතී.

ගංඟා ද්‍රෝණි කිහිපයක මේ වනවිට බරපතළ ගංවතුර තත්ත්වයක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

World News

Send your contact Details Today