Latest News

ෆයිබර් ඔප්ටික් කේබල් ජාලයට හානි සිදුවීම හේතුවෙන් සන්නිවේදන බාධා

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වත්තල සහ කඩුගන්නාව ඇතුළු ප්‍රදේශ කිහිපයක අහිතකර කාලගුණය හේතුවෙන් ෆයිබර් ඔප්ටික් කේබල් ජාලයට හානි සිදුවීම හේතුවෙන් සන්නිවේදන බාධා ඇති වී ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය වාර්තා කරයි.

වත්තල ප්‍රදේශයේ ස්ථාන හතරක ෆයිබර් ඔප්ටික් කේබල් පද්ධතියට හානි සිදුවී ඇති බවත්, ඉන් ස්ථාන තුනක අලුත්වැඩියා කටයුතු ඊයේ අවසන් කළ බවත් නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසීය.

කඩුගන්නාවේ කැඩුණු ෆයිබර් කේබලයේ අලුත්වැඩියා කටයුතු අද උදෑසන ආරම්භ විය.

මීට අමතරව, සම්බන්ධතාවය යථා තත්ත්වයට පත් කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා කඩුවෙල සහ දඹුල්ල අතර නව ෆයිබර් සම්බන්ධතාවයක් අද ස්ථාපිත කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා තහවුරු කළේය.

World News

Send your contact Details Today