Latest News

ශ්‍රී ලංකාව පුරා පුද්ගලයන් 156,806 ක් අවතැන්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයින පුරා පුද්ගලයන් 156,806 ක් අවතැන් වී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

ගංවතුර හේතුවෙන් පවුල් 45067 ක් අවතැන් වී ඇති අතර පුද්ගල මරණ 103 ක් වාර්තා වන බව ද පොලිසිය කියයි.

මේ අතර පුද්ගලයන් 137 දෙනකු අතුරුදන් වී ඇති බවද පොලිසිය කියයි.

මේ අතර ගම්පොල ප්‍රදේශයේ ඇති වූ ආපදාවලින් දිවි අහිමි වූ පුද්ගලයින් 18 දෙනෙක්ගේ නිසළ සිරුරු සොයා ගෙන ඇති බවට පොලිසිය තහවුරු කළේය.

එමෙන්ම පුද්ගලයන් 55 දෙනෙක් අතුරුදන්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අතුරුදන් වූවන් සොයා අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතියි.

World News

Send your contact Details Today