දිට්වා (Ditwah) සුළිකුණාටුව ත්‍රිකුණාමලය සිට 70 km ක් වයඹ දෙසින් කේන්ද්‍රගතව වී ඇති බව නවතම කාලගුණ නිවේදනයෙන් පැවසෙයි.
මෙම පද්ධතිය උතුරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වුණේ.
මේ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින බවත් උතුරු, උතුරු මැද, මධ්‍යම සහ වයඹ පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් සඳහන් කර ඇති කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇතැම් ස්ථානවලට මි.මී 200ට වැඩි ඉතා තද වැසි ද ඇතිවිය හැකි බව පවසයි,
සබරගමුව සහ බස්නාහිර පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත්, සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බවයි දෙපාර්තමේන්තුව පවසන්නේ.
තවද ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල හමන පැ.කි.මි 60-70 දක්වා වන ඉතා තද සුළං සමග විටින් විට හම පැ.කි.මි 80-90 දක්වා වන ප්‍රහාරාත්මක සුළංද ඇතිවිය හැකියි.