Latest News

උසස් පෙළ ඇතුළු සියලු විභාග දින නියමයක් නොමැතිව කල්යයි – පාසැල් යළි ඇරඹෙන දිනයේත් වෙනසක්

Published 7 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අයහපත් කාලගුණය හේතුවෙන් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ඇතුළු අනෙකුත් සියළු විභාග දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.

ඒ අනුව, උසස් පෙළ විභාගයේ දෙසැම්බර් 06 වන දින පැවැත්වීමට නියමිතව තිබූ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (General Information Technology – GIT) විෂයය සඳහා වූ විභාගයද දින නියමයකින් තොරව කල් දමා තිබේ.

අදාළ විභාගයේ නව කාලසටහන ඉදිරියේදී ප්‍රසිද්ධ කරන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරිය පවසන්නේ.

මේ අතර තුන්වන පාසල් වාරයේ අවසන් අදියර සඳහා පාසල් ආරම්භය දෙසැම්බර් මස 16 වෙනිදා සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව පවසයි.

රට තුළ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගනු ලැබූ බවයි ලේකම්වරයා පැවසුවේ.

පාසල් ආරම්භක දිනයේ යළි වෙනස් කිරීමක් සිදුවුවහොත් ඒ පිළිබඳව දැනුවත් කිරීමට කටයුතු කරන බවයි අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

World News

Send your contact Details Today