Latest News

ලෝක වෙළඳපොළේ තෙල් මිලේ වෙනසක්

Published 7 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රුසියා-යුක්‍රේන සාම සාකච්ඡා පිළිබඳ අපේක්ෂාවෙන් තෙල් මිල ඊයේ වනවිට ඉහළ ගොස් ඇතත් ලබන සතියේදී එහි පහළයාමක් දක්නට ලැබෙනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යුක්‍රේන-රුසියා යුද්ධය අවසන් කිරීම සඳහා වන සාම සාකච්ඡා ගිවිසුමක් කරා ගමන් කරනු ඇතැයි වෙළඳපල සහභාගිවන්නන් තක්සේරු කිරීම හේතුවෙන් ඊයේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ ගොස් තිබුණේය.

මේ අතර ලබන සතියේදී ඩීසල් මිල පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කරන බව පිලිපීනයේ පුවත් වාර්තා කරනවා. කෙසේ වෙතත්, ගැසොලින් මිල සුළු වශයෙන් පමණක් වෙනස් විය හැකි බව ද එහි දැක්වෙයි.

මේ සතියේදී, පිලිපින තෙල් සමාගම් විසින් ගැසොලින් මිල ලීටරයකින් P0.20 කින් අඩු කර තිබුණා. නමුත්, ඩීසල් මිල ලීටරයකට P0.60 කින් ඉහළ නැංවීමටයි ඔවුන් කටයුතු කර තිබුණේ.

ඊයේ වනවිට ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් බොරතෙල් (Brent crude) ෆියුචර්ස් බැරලයක් ඩොලර් 63.34 ක් ලෙසින්, ශත 21 කින් (හෝ 0.2% කින්) ඉහළ ගොස් තිබේ.

අමෙරිකාවේ බටහිර ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් බොරතෙල් ෆියුචර්ස් බැරලයක් ඩොලර් 59.10 ක් ලෙසින්, ශත 45 කින් (හෝ 0.8% කින්) ඉහළ ගියේය.

OANDA හි වෙළඳපල ජ්‍යෙෂ්ඨ විශ්ලේෂක කෙල්වින් වොන්ග් පැවසුවේ, වසර අවසානය වන තෙක් WTI බොරතෙල් ඩොලර් 56.80 සහ ඩොලර් 60.40 අතර පරාසයක පවතිනු ඇති බවයි.

යුක්‍රේනයේ නැවත ආරම්භ කරන ලද සාම ප්‍රයත්නයන් පිළිබඳව වෙළඳපල බලාපොරොත්තුව සහ සැකය අතර දෝලනය වෙමින් පවතින බව SEB වෙළඳ භාණ්ඩ විශ්ලේෂක ඔලේ හ්වාල්බයි ප්‍රකාශ කළේය.

අමෙරිකාවේ ධවල මන්දිරයේ නියෝජිත ස්ටීව් විට්කොෆ් ලබන සතියේ මොස්කව් වෙත ගමන් කරන්නේ මෙම සාම සැලැස්ම ගැන රුසියාව සමඟ කතා කිරීමටයි.

වෙළෙන්දන් සහ නිරීක්ෂකයින් බොහෝ දෙනෙකුගේ අදහස වන්නේ ගිවිසුමක් ඇති වුවද, යුරෝපය ආයෙත් රුසියානු බලශක්තිය මත යැපීමට පසුබට වනු ඇත යන්නයි.

මෙය දෙපාර්ශ්වය අතර 2022 න් පසු ඇතිවන සටන් විරාමයක් වුවද, යුරෝපයේ ස්ථාවරය සැලකිය යුතු ලෙස වෙනස් නොවන බව බොහෝ විශ්ලේෂකයින් පවසා තිබෙයි.

රුසියානු ගෑස් භාවිතයෙන් ඉවත්වීම යුරෝපීය නිවාසවලට සහ කර්මාන්තවලට විශාල වියදමක් දැරීමට සිදුවිණි.

නමුත් වසර තුනකට පසු, රුසියාවෙන් බලශක්ති සැපයුම ලිහිල් කිරීමේ අපේක්ෂාව යුරෝපා සංගමයට විශේෂයක් නොවනු ඇති බවයි අනුමාන කර ඇත්තේ.

යුරෝපා සංගමය රුසියානු ගෑස් තහනම් කර නැතත්, ඔවුන් 2027 වන විට රුසියාවෙන් LNG ආනයනය නැවැත්වීමට ඉලක්ක කර තිබේ.

සාම ගිවිසුමකින් යුරෝපයේ රුසියානු බලශක්ති යැපීම සම්පූර්ණයෙන්ම කපා හැරීමේ ගමන ආපසු හැරවීමට ඉඩක් නැති බව ඇතැම් විශ්ලේෂකයන්ගේ මතයයි.

සාම ගිවිසුමක් ඇති වුවද, රුසියානු ගෑස් නල මාර්ග හරහා සැපයීම නැවත ආරම්භ කිරීම පහසු නැහැ. ප්‍රධාන Nord Stream නල මාර්ගය භෞතිකව විනාශ වී තිබේ.

Yamal–Europe නල මාර්ගය පෝලන්තය ගිවිසුම අවසන් කිරීමෙන් පසු වසා දමා තිබෙන්නක්.

යුක්‍රේනයේ ගෑස් සංක්‍රමණ ගිවිසුම ලබන වසරේ අවසන්. එය අලුත් කිරීමට දේශපාලන කැමැත්තක් නැති බවයි පෙනී යන්නේ.

බාර්ක්ලේස් ආයතනයට අනුව, භූ දේශපාලනික අවිනිශ්චිතතාව දිගටම පවතියි.

රුසියාව සහ යුක්රේනය අතර ඇතිවිය හැකි සටන් විරාමයක බලාපොරොත්තු උදාසීන වන්නේ, ප්‍රධාන රුසියානු නිෂ්පාදකයන්ට එරෙහිව පනවා ඇති නව අමෙරිකානු සම්බාධක මගින් පැනනගින සැපයුම් ගැටළු හේතුවෙන්.

යුක්‍රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි පැවසුවේ, ජිනීවා සාකච්ඡාවලදී සාකච්ඡා කරන ලද සාමය සහ කියෙව් සඳහා ආරක්ෂක සහතික සැපයීම පිළිබඳ කතිකා කිරීමට අමෙරිකානු සහ යුක්‍රේන දූත පිරිස් මෙම සතියේදී හමුවීමට නියමිත බවයි.

දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ ඇතිවූ දරුණුතම ගැටුම අවසන් කිරීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සැලැස්ම සම්බන්ධයෙන් පවතින හිදැස් අවම කිරීමට දෙපාර්ශවයම උත්සාහ කරමින් සිටියි.

යුක්‍රේනය, කලාපීය සහන ඇතුළුව, බොහෝ දුරට රුසියානු කොන්දේසි මත පදනම් වූ ගිවිසුමක් පිළිගැනීමට තවමත් ප්‍රවේශම්සහගත ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින බව සඳහන්.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පැවසුවේ, අමෙරිකාව සහ යුක්රේනය විසින් සාකච්ඡා කරන ලද සාම සැලැස්මේ කෙටුම්පත් දළ සටහන් යුද්ධය අවසන් කිරීම සඳහා වන ගිවිසුම් සඳහා පදනම විය හැකි බවයි.

පුටින් තවදුරටත් කියා සිටියේ, යුක්‍රේන හමුදා ප්‍රධාන ප්‍රදේශවලින් ඉවත් වූ පසු සටන් නතර වනු ඇති නමුත්, එසේ නොවුවහොත් රුසියාව බලහත්කාරයෙන් තම අරමුණු සාක්ෂාත් කර ගන්නා බවයි.

පෙට්‍රෝලියම් අපනයන රටවල සංවිධානය සහ එහි මිත්‍ර පාක්ෂිකයන් (OPEC+) ඉරිදා පැවැත්වෙන ඔවුන්ගේ රැස්වීම්වලදී තෙල් නිෂ්පාදන මට්ටම් වෙනස් නොකරනු ඇතැයි අපේක්ෂා කරන බව නියෝජිතයින් දෙදෙනෙකු සහ OPEC+ සාකච්ඡා පිළිබඳව ආරංචි මාර්ග අනාවරණය කර තිබුණේය.

මේ අතර, දෙසැම්බරයේදී අමෙරිකානු ෆෙඩරල් සංචිත පොලී අනුපාත කප්පාදුවක් සිදුවනු ඇතැයි යන අපේක්ෂාවන් වැඩි වීමද බොරතෙල් මිලට සහාය ලැබෙන බව වාර්තා වෙයි.

පහළ පොලී අනුපාතයක් සාමාන්‍යයෙන් ආර්ථික වර්ධනය උත්තේජනය කරන්නක්.

එය තෙල් සඳහා ඉල්ලුම ශක්තිමත් කරයි.

OANDA හි කෙල්වින් වොන්ග් පැවසුවේ, දෙසැම්බර් 10 FOMC රැස්වීමේදී ෆෙඩරල් බැංකුව වෙළඳපල පුදුමයට පත් කරන ආකාරයේ දර්ශකයක් ලබා නොදෙන්නේ නම්, නව උත්ප්‍රේරක නොමැතිව වසර අවසානය දක්වා අඩු ද්‍රවශීලතාවයකින් යුක්ත වනු ඇති බවයි.

World News

Send your contact Details Today