Latest News

මුදාගැනීමේ මෙහෙයුම්වලට ඉන්දීය ගුවන් යානා සහය ගැනීමට යයි

Published 7 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවට බලපා ඇති ආපදා තත්ත්වය හමුවේ සහන මුදා ගැනීමේ මෙහෙයුම් කටයුතු සඳහා මේ වනවිට කොළඹ වරයාට පැමිණ ඇති ඉන්දීය යුද නෞකාවේ පවතින ගුවන් යානා යොදාගැනීමට අවදානය යොමුව ඇති බව ආරක්ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා පවසයි.

මේ සම්බන්ධයෙන් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සමඟ සම්බන්ධ වී සාකච්ඡාකර ඇති බවයි ලේකම්වරයා පැවසුවේ.

කෙසේ වෙතත් පවතින අහයපත් කාලගුණ තත්ත්වය මත ඉන්දියානු ගුවන් නියමුවන් ද එම යානා ගුවන් ගතකිරීමට අපහසුතාවයට පත්ව සිටින බවයි ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ.

පවතින ආපදා තත්ත්වය පිළිබඳව ත්‍රිවිධ හමුදා ආරක්ෂක මූලස්ථානයේදී මේ වන විට පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවේ දී ඔහු මෙම අදහස් පළකළේය.

World News

Send your contact Details Today