පාකිස්තානයේ රාවල්පින්දි ක්‍රීඩාංගනයේ සිම්බාබ්වේ සමඟ ඊයේ (25) පැවති විස්සයි විස්ස තරගයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
පළමුවෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ පිළ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ගොස් ලකුණු 146ක් රැස්කර ගනු ලැබුවේය.
තරගාවලිය ගැන ඉදිරි බලාපොරොත්තු තබා ගැනීමට නම් අනිවාර්යෙන්ම මෙම තරගය ජයගත යුතුව තිබූ ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් පමණක් දැවී ගොස් පන්දුවාර 16යි පන්දු දෙකක් තුළ ඉලක්කය සපුරා ගත්තේ පහසු ජය අත්කර ගනිමින්.
එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිම ආරම්භ කරනු ලැබූ ශ්‍රී ලංකා සුපිරි පිතිකරු පැතුම් නිස්සංක තරගයේ අවසාන ලකුණත් රැස් කරමින් නොදැවී ලකුණු 98ක් රැස්කර ගැනීමට සමත් විය.
සිය ජ්‍යාත්‍යන්තර විස්සයි විස්ස දෙවැනි ශතකයට ලකුණු දෙකක් පමණක් පිටුපසින් සිටියදී ඔහු විසින්ම එල්ල කරනු ලැබූ විශිෂ්ඨ 06 පහරින් ශ්‍රී ලංකාව ජය හිමිකර ගත්තේය.
කෙසේ වෙතත් පැතුම් නිස්සංක ඊයේ දිනයේ මෙලෙස රැස්කර ගත් ලකුණු 98ත් සමඟින් වාර්තා රැසක් ඔහුගේ නම ඉදිරියෙන් ලියැවී තිබුණේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ජ්‍යාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ වැඩිම ලකුණු ලාභියා (ලකුණු 2326) බවට පත් වීමටද පැතුම් නිස්සංකට ඊයේ (26) හැකිවිය.
එමෙන්ම දින දර්ශක වසර තුනකදී ජ්‍යාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ ලකුණු 500 සීමාව අභිබවා ගිය පළමු ශ්‍රී ලංකික පිතිකරුවා බවට ද පැතුම් නිස්සංක පත්විය.
ඒ 2022 වර්ෂයේ දී ලකුණු 713 ක්, 2024 වර්ෂයේදී ලකුණු 622ක් සහ මෙම වසර සඳහා ලකුණු 520ක් ලෙසයි.
එමෙන්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් ජ්‍යාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ ලකුණු හඹා යාමේදී වාර්තා රැසක් තමන් ඉදිරියේ තබා ගැනීමට පැතුම් නිස්සංක සමත්ව තිබේ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ජ්‍යාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ හඹා යෑමේදී වැඩිම ලකුණු, දෙවන ඉහළම සාමාන්‍යය, එක් පිතිකරුවෙක් රැස්කළ වැඩිම ලකුණු, වැඩිම අර්ධ ශතක, වැඩිම හතරේ පහර ගණන, දෙවන වැඩිම හයේ පහර ගණන යන වාර්තා ලියවී තිබෙන්නේ පැතුම් නිස්සංකගේ නම ඉදිරියෙනුයි.